රේගු වර්ජනය දිග්ගැස්සෙයි – සහය පලකරමින් පිටකොටුවේ තොග වෙළඳසැල් අද හර්තාල්

රේගු නිලධාරීන් සතියක් තිස්සේ ආරම්භකර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය දක්වමින් වාප්පු ලිපිකරුවන් , කන්ටේනර් රථ රියදුරන්, රේගු නියාමක නිලධාරීන් මෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොඟ වෙළදුන්ගේ සංගමය අද දිනයේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීරණය වී ඇති බව වාර්තා වේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා තමන් අපහසුතාවයට පත්වී ඇති බව පෙන්වා දෙමින් අද දිනයේ පිටකොටුවේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොඟ වෙළදසැල් වසා දැමීමට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා තොග වෙළෙඳුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එමෙන්ම, කන්ටේනර් ප්‍රවාහන කරුවන්ගේ සංගමය මෙන්ම වප්පු ලිපිකරුවන්ද මෙම වෘත්තීය සටනට සහය දක්වා සේවා කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435