රෝමයේ පළමු දරු උපතේ ආඩම්බර සිතුවිල්ල යටපත්කළ පළමු ලාංකිකයා

2019 නව වසර උදාවෙන මොහොතේ ඉතාලියේ රෝම අගනුවර උපතලද පළමු දරුවා වීමේ වාසනාව ශ්‍රී ලාංකික දරුවෙකු හිමිකරගත් පුවත ලෝකයේම කතාබහට ලක්වූ මාතෘකාවක් වී තිබුණි.

ඒ ආඩම්බරකාර සිතුවිල්ල යටපත් කරමින් 2019 වසර උදාවෙත්ම ඉතාලියේ කතානියාවල සිටි ලාංකිකයෙක් ගෘහස්ථ ප්‍රචන්ඩයත්වය යටතේ අත් අඩංගුවට ගත් පුවතක් වාර්තා විය.

කතානියා පුවත් පත් උපුටා දක්වමින් සඳහන් කරන්නේ ජනවාරි මස 01 දින පාන්දර 1.55 ට පමන පොලිසීයට ලැබුනු පැමිණිල්ලක් හේතුවෙන් ගෘහස්ථ ප්‍රචන්ඩයත්වය යටතේ ලාංකිකයකු අත් අඩංගුවට ගත් බවයි.

බීමත්ව නිවසරට පැමිණි සැමියා විසින් බිරිඳගේ දුරකථනය පිරික්සාවට යාමේදි එය ලබා දීම බිරිඳ පුතික්ෂේප කිරිම මත ඇයට දුරකථනයෙන් හිසට පහරදි ඇති බවද, බිරිඳට මරණිය තර්ජනය කිරිමද, කුඩා ළමුන් දෙදෙනා ඉදිරිපිට නිතරම බීමත්ව පැමිණ වද හිංසා කරන බවටද බිරිද විසින් කරන ලද ප්‍රකාශ මත ඔහුව අත්අඩංගුවට පත්ව ඇත, මේ වන විට වෙනත් ස්ථානයක නිවාස අඩස්සියට ඔහුව පත් කර ඇති බවත් සඳහන්වේ.

බිරිඳව රෝහල් ගත කිරිමෙන් අනතරුව දින 8 ක පරික්ෂාව යටතේ පුතිකාර ලබාදි පිටත් කර යවා ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435