රෝහල් ප්‍රමාණය වැඩිවූ පමණින්ම ජනතාව ආරක්ෂිතද?

රටේ ජනතාවගේ සෞඛ්‍ය ඉහල නැංවීම සදහා රජය මගින් වාර්ෂික  බිලියන ගණනක් වෙන් කරනු ලබයි. රටක සංවර්ධනයට සෞඛ්‍යයමත් ජනතාවක අවශ්‍යතාවය කෙසේ දැයි එමගින් හදුනාගත හැකිය. ප්‍රදේශයෙන් ප්‍රදේශයට රෝහල් ඉදිවෙයි. රෝහල් සායන දිනෙන් දින ජනතාවගෙන් පිරීයයි. එපමණක් නොව හන්දියේ මෙඩිකල් සෙන්ටර් එකේ සිට පෞද්ගලික රෝහල් දක්වා දිනපතා විශාල ප්‍රමාණයක් ඇදී එයි.

  • එක් අයෙක් වාර්ශිකව කොතරම් ඖෂධ ප්‍රමානයක් ගිලදමනවාද?
  • ඖෂධ මාත්‍රා විෂ වී , වාර්ෂිකව කී දෙනෙක් මරනයට පත්වෙනවාද?

රෝග කොටස් දෙකක් හදුනාගත හැක.

  • බෝවන රෝග
  • බෝ නොවන රෝග

වර්ථමානයේ විශාල පිරිසක් පීඩා විදින රෝග කාන්ඩය – බෝ නොවන රෝග.
උදා – දියවැඩියාව, අධිරුධිර පීඩනය ….

ප්‍රධාන ගැටලුව- මෙම රෝග වලට වාර්ෂිකව විශාල පිරිසක් ගොදුරු වීමයි.

රෝගීන්ට “බෙහෙත්” දීම මගින් පාලනය කරන නමුත් මෙසේ වන්නට හේතු සොයා බලන්නට පෙලබෙන්නේ  අතලොස්සකි.

  • බෝ නොවන රෝග ඇති වීමට ප්‍රධාන හේතුවක් ලෙස ආහාර රටාව හා ආහාරවල සංයුතිය වෙනස් කිරීම හදුනාගෙන ඇත.

ලාංකික වෙලදපොලේ වර්ථමාන තත්ත්වය

වර්තමානයේ ආහාර නිශ්පාදනයේදී කෙතරම් තත්වපාලන ක්‍රම තිබුනත්, ආහාර ද්‍රව්‍ය වලට පාලනයකින් තොරව රස කාරක, කෘතිම කල් තබා ගැනීමේ ද්‍රව්‍ය, ආදේශක යොදා ඇති බව වාර්ථා වෙනවා.
උදා,

  • තේ – ඩයි යෙදීම
  • රතු සහල් – ඩයි යෙදීම
  • මාලු,කරවල – කෘමිනාශක යෙදීම
  • කොස් – වැසිකිලි පවිත්‍රකාරක යෙදීම
  • ක්ෂණික ආහාර – අධික MSG
  • එළවළු – අධික කෘමිනාශක, වල්නාශක
  • රූපලාවණ්‍ය ක්‍රීම් – අධික විශ රසායන (බ්ලීචිං)
  • බැදීමට ගන්නා තෙල් – අපවිත්‍ර ,කල් ඉකුත් වූ තෙල් ලංකාවට ආනයනය කර ෆිල්ටර් කර, රසායනික පිරිපහදු කර බෙදා හැරීම
  • සහල් – රසායනික කල්තබාගැනීමේ ද්‍රවය යෙදීම
  • කහ, මිරිස්, කුලුබඩු සදහා – ඩයි, පිටිවර්ග යෙදීම
  • අධික පිටි කෑම – කෘතිම රසකාරක යෙදීම

මෙවැනි ආහාර ශරීරගතවීම මගින් ශරීරයේ ක්‍රියාදාමයන්ට එකඑල්ලේම බලපෑම් ඇතිවෙයි.
එමගින් ශරීරයේ අසමතුලිතතාවයන් මතුවෙයි. බෝ නොවන රෝග රැසකට මූලාරම්භය ලබාදේ.

වසවිස කෑම වැරදිලා හෝ පාලනය කලහොත්…

  • වකුගඩු ,අක්මා රෝග අඩුවේවි
  • බෝ නොවන රෝග ක්‍රමයෙන් අඩු වේවි
  • රෝහලේ සායනයේ රෝගීන් අඩු වේවි
  • වාර්ශිකව ශරීරගතවන ඖෂධ ප්‍රමානය අඩුවේවී
  • සෞඛ්‍ය සදහා රජය වාර්ෂිකව වෙන්කරන මුදල අඩු වේවි

සුවැති ජනතාවක් බිහිවේවි.

මූලය නොසොයා පැලැස්තර විසදුම් මගින් තාවකාලිකව සතුටු විය හැක.

✍ රජිත් ප්‍රියංකර ගමගේ

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435