ලංකාවට පැමිණි තිදෙනකුට කොවිඩ් පොසිටිව්

විදෙස්ගතව සිට පැමිණි තිදෙනකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

ඒ අනුව තුර්කියේ සිට පැමිණි විදේශිකයෙකු, කටාර් රාජ්‍යයේ සිට පැමිණියෙකු සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

ඒ අනුව මේ වන විට මෙරට දී හමු වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2814ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනය තුළ (30) පුද්ගලයින් 16 දෙනෙකු පූර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 2333ක් දක්වා වැඩි වී තිබේ.

කෙසේ වෙතත් පුද්ගලයින් 469ක් වෛද්‍ය ප්‍රතිකාර ගනිමින් රෝහල්ගතව සිටියි.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435