ලංකාවට යවන ලෙස ඉල්ලා කටාරයේ ලාංකිකයින් පිරිසක් උද්ඝෝෂණයක

හැකි ඉක්මනින් ලකාව බලා යාම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකසන ලෙස ඉල්ලා කටාරයේ සේවය කරන ලාංකිකයින් පිරිසක් ඊයේ (09) දිනයේ දෝහා අගනුවර පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වූ බව වාර්තා වේ.

මෙම විරෝධතාවය සඳහා ලාංකිකයින් 300කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වූ බවයි ආරංචි මාර්ග වාර්තා කරන්නේ. මෙලෙස විරෝධාතවයේ නිරතවූයේ කොරෝනා වසංගතය නිසා රැකියා නොමැතිව දුෂ්කතාවයන්ට පත්වූ පිරිසකි.

ඉකුත් පෙබරවාරි මස සිට රැකියා අහිමිවීම, රැකියා කිරීමේ දුෂ්කරතා,වැටුප් නොලැබීම, ආහාර ගැටළු මෙන්ම අනිකුත් පහසුකම්ද නිසි ලෙස නොලැබ ඉතා දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් දිවයිනට කඩිනමින් පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවෙන මෙම ලාංකිකයින් එරට ලක් තානාපති කාර්යාලයෙන් දිවයිනට පැමිණීම සඳහා අවශ්‍ය පහසුකම් නොලැබු නිසා මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

මාස 04ක කාලයක සිට තමන් විවිද දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින බවත් නිවාස හා කල්බදු ණය ගෙවීම් පවා ගෙවා ගැනීමට නොහැකිව මහත් අසරණභාවයට පත්ව සිටින බවත් ඔවුන් මෙහිදී ප්‍රකාශකර තිබේ. මෙම ගැටළු සම්බන්ධයෙන් තානාපති කාර්යාලය දැනුවත් කළද ඇතැම් අවස්ථාවලදී ඇමතුම්වලට බලධාරීන්ගෙන් ප්‍රතිචාරයක් නොලැබුණු අවස්ථාද ඇති බව ඔවුන් පවසා සිටී.

එබැවින් තමන්ව ලකාවට යැවීම සඳහා අවශ්‍ය පහසුකම් සාධාරණ ලෙස ලබා දෙන ලෙස ඉල්ලීමක් කර කටාර් ලක් තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති කෝහුල රංගන් මහතා වෙත ලිඛිතව ඉල්ලීමක්ද කර තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435