ලංකාවේ ශ‍්‍රමිකයන්ට ළඟදීම හොං-කොං රස්සා

12 January 2014 – wedabima.lk

 

නුදුරේදීම මෙරට ශ‍්‍රමිකයන්ට හොංකොංහි වැඩිපුර රැකියා අවස්ථා හිමිවන්නේ යයි විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

 

ශ‍්‍රී ලංකාවෙන් ශ‍්‍රමිකයන් ලබා ගැනීම කෙරෙහි හොංකොංහි කොන්සල් ජනරාල්වරයා තමා සමග දැඩි පැහැදීමෙන් අදහස් දැක්වූ බවද පවසන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ඒ අනුව ඉදිරියේදී ශ‍්‍රී ලාංකික ගෘහ සේවිකාවන් ඇතුළු ශ‍්‍රමිකයන් වැඩි ප‍්‍රමාණයක් හොංකොං රටේ රැකියා සදහා යැවීමට අවස්ථාව ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවද පැවසීය.

 

කම්කරු නීති සම්බන්ධයෙන් සහ ශ‍්‍රමිකයන්ගේ සුබසාධනය පිළිබද ඉහළ මට්ටමකින් කටයුතු කරන හොංකොං රටට වැඩිපුර ශ‍්‍රමිකයන් යැවීමට අවස්ථාව ලැබීම ශ‍්‍රමිකයන්ට මෙන්ම රටටද ඵලදායි වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

මුලාශ්‍රය – lankanews.com

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435