
දහසකට ආසන්න උපාධිධාරි ගුරුවරුන්ගේ සහභාගිත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට ලබන 26 වැනිදා ලංකා ගුරු සංගමය සූදානම් වේ.
ප්‍රමුඛතා, කළමනාකරණ හා සංවර්ධන කාර්ය සඳහා බඳවාගත් උපාධිධාරි ගුරුවරුන්ගේ අහිමි කළ සේවා කාලය ගුරු සේවයට එකතු නොකිරීමට එරෙහිව මේ උද්ඝෝෂණය පැවැත්වේ. අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට මේ සම්බන්ධයෙන් පෙත්සමක් භාරදීමද සිදු කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා මාධ්‍ය හමුවේදී පැවැසීය.
1994, 1995, 1999, 2005 සහ 2008 වසරවලදී රජය විසින් රැකියා අහිමි උපාධිධාරීන්ගේ බලපෑම් මත පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩල ලෙස බඳවාගත් උපාධිධාරීන්ට පසුව ගුරු පත්වීම් ලබාදීමේදී ඔවුන් අනධ්‍යයන සේවකයන් ලෙස සේවය කළ කාලය රජය විසින් කපා හැර ඇති බව ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.
මූලාශ්‍රය – මව්බිම
වැඩබිම