ලංකා බැංකු සේවක සංගමය දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

විශ‍්‍රාම වැටුප් ගැටලු හා සේවක සුභසාධන ප‍්‍රතිලාභ මත බදු අයකිරීම යන ගැටලු මුල් කරගනිමින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු සේවක සංගම් 19ක සහභාගීත්වයෙන් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වීමට ලංකා බැංකු සේවක සංගමය සූදානම් වෙයි.

වෘත්තීය ක්‍රියාමාර්ගය ගැන අදහස් දක්වමින් සංගමයේ ප‍්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා ප්‍රකාශකර ඇත්තේ සිය සේවකයින්ගේ ගැටළු සම්බන්ධයෙන් අවස්ථා ගණනකදී ලිඛිතව සහ වාචිකව මුදල් අමාත්‍යාංශය දැනුවත් කළද මෙතෙක් ඒ සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට තීරණය කල බවයි.

මරදාන පන්සල පාර පිහිටි ලංකා බැකු සේවක සංගම් කාර්යාලයේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රන්ජන් සේනානායක මහතා මේ බව ප්‍රකාශකල අතර රාජ්‍ය බැංකුවලට 1996න් පසු බැදුණු සේවකයන්ට ස්ථාපිත කර ඇති විශ‍්‍රාම වැටුප් ක‍්‍රමවේදයන්හි පවතින ගැටලු සහ නව අදායම් පනත මගින් සේවක සුභ සාධන ප‍්‍රතිලාභ මත උපයනවිට ගෙවීම් බදු පැනවීමට එරෙහිව මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගවල නිරත වන බවත් එහිදී සඳහන් කළේය.

එලැඹෙන 20 වෙනිදා දින මුදල් අමාත්‍යංශය සමග අවසන් සාකච්ඡා පවත්වන බවත් එහිදී විසඳුමක් නොලදහොත් අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා සිය වෘත්තිය ක‍්‍රියාමාර්ග මෙහෙයවන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435