ලංගමය බිළිදීමට සැරසේ!

ඒකාබද්ධ කාලසටහන් රකුසාට ශ්‍රී ලංගම බිලිදීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට කඩිනමින් මැදිහත්වන ලෙස සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතාගේ අත්සනින් යුතුව අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට යොමු කළ ලිපියක මේ බව දැක්වෙයි.

ශ්‍රී ලංගම බස් රථ සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කර රට පුරා ධාවනය කරවීමට ක්‍රමවේදයක් රට පුරා ක්‍රියාත්මක කිරීමට සූදානම් බව අමාත්‍යතුමා කරන ලද ප්‍රකාශය 2015.06.20 වන දින පුවත්පත්වල පළවී තිබුණි.

එම ප්‍රකාශයට සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය දැඩි විරෝධය පළකරන අතර, ශ්‍රී ලංගම කිසිදු වෘත්තීය සමිතියක් එම ප්‍රකාශය අනුමත නොකරන බව ද හෙතෙම කියා සිටී.

ඒකාබද්ධ කාලසටහන් රකුසාට ශ්‍රී ලංගමය බිලිදීමේ සාහසික අපරාධය සිදු නොකරන ලෙසය එම සංගමය විසින් අමාත්‍යතුමාගෙන් ඉල්ලා තිබේ. මෙම ක්‍රියාවට ජාතික සේවක සංගමය ඇතුළු ශ්‍රී ලංගම සියලූම වෘත්තීය සමිති ලිඛිතව ප්‍රකාශයන් කර ඇත. 2005 වසරේ සිට එම සංගමය ශ්‍රී ලංගම විනාශ කිරීමට දියත් කරන ලද ඒකාබද්ධ ක්‍රමවේදයට දැඩි සේ විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති බවද වැඩි දුරටත් සඳහන් වේ.

මීට අමතරව 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය කරන ලෙස ශ්‍රී ලංගම සුරැකීමේ වෘත්තීය සමිති සන්ධානය නිකුත් කර ඇති සියලූම ප්‍රකාශයන් තුළත්, අමාත්‍යතුමා සමඟ ශ්‍රී ලංගම වෘත්තිය සමිති කරන ලද සියලූම සාකච්ඡාවන් තුළත් වර්තමාන ශ්‍රී ලංගම ගරු සභාපති රමල් සිරිවර්ධන මැතිතුමා සමඟ කරන ලද සාකච්ඡාවන් තුළත් ඒකාබද්ධ කාලසටහන් ක්‍රමවේදයට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති බවද එම ලිපියේ සඳහන් වේ.

මේ මොහොත වනවිට ශ්‍රී ලංගමය දිනකට කිලෝමීටර් 10,000 කට ආසන්න ප්‍රමාණයක් ධාවනය කරන අතර මාර්ග ලේඛන තුළින් දිනකට ආදායම රුපියල් කෝටි 6 කට ආසන්න ආදායමක් උපයා ගනී. මෙම ක්‍රියාවලිය ඒකාබද්ධ කාලසටහන් ක්‍රමවේදය තුළින් සම්පූර්ණයෙන් ඇනහිටින බවට සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය අඟවයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435