ලංගම රියදුරු හා කොන්දොස්තරවරුන්ගේ නිවාඩු අවලංගුයි

කොළඹ-ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර අන්තර් පළාත් බස් රථ ධාවනයට අද (26) අවසර හිමිවී තිබේ.

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 5000කට අධික සංඛ්‍යාවක් අද දිනයේ සිට ධාවනයට එක් කර ඇති බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච්.පන්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කරයි.

එමෙන්ම යළි දැනුම් දෙන තෙක් අද සිට ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු රියදුරු සහ කොන්දොස්තර මහතුන්ගේ නිවාඩු අවලංගු වන බව ද ඔහු කියා සිටියි.

මේ අතර අද දිනයේ කොළඹට පැමිණීම සඳහා දුම්රිය 27ක් යොදා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435