ලංගම සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අර අඳියි

රජයේ සේවකයින් සඳහා 2019 අයවැයෙන් ලබාදුන් රුපියල් 2500ක දීමනාව ලංගම සේවකයින්ටද මේ මාසයේ සිට වැටුපට ඇතුළත් කළ යුතු බවත් එසේ නොකළහොත් පූර්ව දැනුම් දීමකින් තොරව සියලුම ලංගම සේවක වෘත්තීය සංගම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණය වන බවට සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය අනතුරු හඟවා තිබේ.

අදාළ දීමනාව ලබාදෙන ලෙස ලංගම සේවකයින් දිගින් දිගටම ඉල්ලා සිටිය නමුත් ඊට ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාධනීය ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණය වීමට තීරණය කළ බවත් මේ මස එම දීමනාව වැටුපට එකතු නොකළොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණය වන බව සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා අවධාරණය කරයි.

එමෙන්ම 2018 අගෝස්තු 31වන දින ප්‍රවාහන අමත්‍යාංශයේදී සිදුකළ සාකච්ඡාවේදි සියලු ලංගම සේවකයින්ගේ වැටුප් 2018 ඔක්තෝබර් 01 සිට 2006 අංක 30 දරන කළමනාකාර සේවා හා 2016 අංක 02 දරන චක්‍රලේඛවලට අනුගතව සංශෝධනය කිරීමටද හිටපු අමාත්‍යවරයා පොරොන්දුවූ නමුත් එම පොරොන්දුවට වසරක් ගත්වුවත් තවමත් ඉටුවී නොමැති බව සේපාග මහතා පෙන්වා දෙයි.

එබැවින් මේ වර්ෂයේ අගෝස්තු නිමවීමට මත්තෙන් සිය සේවකයින්ගේ වැටුපට රුපියල් 2500ක දීමනාව එකතු කළයුතු බවත් ඊට මැදිහත්වෙන ලෙසත් ඒ මහතා ආණ්ඩුවට බලකර සිටී.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435