ලංවීම සේවකයින්ට මැර ප්‍රහාරයක්

විදුලිබල මණ්ඩලයේ වවිනියාව පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ තම රාජකාරිමය කටයුතු සිදුකරමින් සිටි අවස්ථාවක එම ස්ථානය කඩාවැදුණු මැර පිරිසක් විදුලි අධිකාරී වරයා ඇතුළු සේවක මණ්ඩලයට ප්‍රහාරයක් එල්ල කර ඇත.

එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ විදුලි අධිකාරිවරයා ඇතුලු සේවකයින් වව්නියාව රෝහලට ඇතුලත් කර ඇත.

මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් නීතිය නිවැරදිව මෙන්ම කඩිනමින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය විමසිල්ලෙන් පසුවන බව ප්‍රකාශ කරයි.

මේ පිළිබඳව සේවකයින්ගේ ආරක්ෂාව සලසන ලෙසත් බලධාරින්ගෙන් ඉල්ලා ඇති අතර, ඉදිරි ක්‍රියාමාර්ග ගැන නීතිය ක්‍රියාත්මක වන ආකාරයෙන් පසුව ගන්නා බව ද එම සංගමයේ නිලධාරියෙක් වැඩබිමට පැවසීය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435