ලක්ෂ 89ක නීතිවිරෝධී දෑ ලාංකිකයෙකුගේ ශරීරයෙන් හමුවෙයි

විදේශයේ සිට මෙරටට රැගෙන ආ ස්වර්ණාභරණ තොගයක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ (06) කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා 46 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් වන අතර ඔහු සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි අයෙකි .

ඔහු මෙම රන් මාල තොගය සිය ගෙලෙහි පැළඳ ගෙන සහ තමන් ඇඳ සිටි කලිසමේ සාක්කු වල සඟවාගෙන සිටි බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

රුපියල්  8,998,740ක් පමණ වටිනා කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 500 ක් පමණ බර රන් මාල තොගයක් සැකකරු සතුව තිබූ බවයි රේගුව වැඩිදුරටත් ප්‍රකාශකර ඇත්තේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435