ලබන වසරේ සිට මේ රැකියා අවස්ථා සෞදි ජාතිකයින්ට පමණයි

2020 වසරේ මුල සිට සියළුම පරිපාලන හා ආගන්තුක සත්කාර අංශයන්ට අදාල රැකියා සෞදි ජාතිකයින්ට පමණක් ලබා දීමට සෞදි රජය විසින් තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව සෞදි කම්කරු හා සමාජ සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ ආගන්තුක සත්කාර හා සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියා විස්සක් පමණ සෞදි ජාතිකයින්ට හිමිවෙනන් බවයි.

එමෙන්ම කම්කරු හා සමාජ සංවර්ධන අමාත්‍ය අහමඩ් අල් රජ්හි නියෝගයක්ද නිකුත් කරමින් ප්‍රකාශකර ඇත්තේ සෞදි කරණ වැඩසටහන යටතේ අදාල නියෝග තරු 3පන්තියේ සිට ඉහළට ඇති හෝටල්, නිවාඩු නිකේතන, තරු 4 පන්තියේ විලා සහ සුඛෝපභෝගී සංචාරක හෝටල් සඳහා මෙම රැකියා අවස්ථා විවර කිරීම සිදුකළ යුතු බවයි.

කෙසේවෙතත් මෙම සැලැස්ම යටතේ සියළුම පරිපාලන හා ආගන්තුක සත්කාර අංශයන්ට අදාල රැකියා අවස්ඨා විදේශික ශ්‍රමිකයින්ට ඇහිරී යනු ඇති බවයි බොහෝ දෙනෙක් ප්‍රකාශකර ඇත්තේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435