ලාංකිකයන්ට කොරියාවේ සේවය කළහැකි කාලය තවත් වසර 5කින් දීර්ඝ කෙරේ!

දකුණු කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට එරට සේවය කළහැකි උපරිම කාලය ලෙස මෙතෙක් දක්වා තිබු වසර 4 මාස 7ක කාලයට අමතරව තවත් වසර 5ක් ලබා දීමට එරට රජය තීරණය කර තිබේ.

පළමු වරට දකුණු කොරියාවේ රැකියාවට ගොස් ගිවිසුම අනුව වසර 3කින් ආපසු පැමිණ, සේවායෝජකයාගේ කැමැත්ත අනුව තවත් මාස 19ක් සේවය කළ හැකි වේ. ඒ අනුව වසර 4යි මාස 7ක් සපිරේ.

නමුත් සේවකයින්ට අවශ්‍ය නම් තවත් වසර 5ක කාලයක් ඔවුන් තබා ගැනීමට සේවායෝජකයාට හැකියාව පවතී.

මේ සඳහා නැවත ලංකාවට පැමිණීමට පෙර කොරියාවේදී ගිවිසුම අත්සන් කර පැමිණිය යුතුය. ඉන්පසු ඒ පිලිබඳ දින 2-3ක් ඇතුලත හැකි ඉක්මනින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුවත් කළ යුතුය.

ඒ අනුව ශ්‍රී ලාංකිකයෙකුට වසර 10කට ආසන්න කාලයක් එරට රැඳී සිටීමේ හැකියාව පවතී.

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (3)

  1. Dinesh says:

    මේක ටිකක් පැහැදිලිව විස්තර කලොත් වටිනවා !!

    (35)(22)



    0



    0
  2. Eranga says:

    මේක මේ විශේෂ කොරියානු විභාගය කරලා එන ක්‍රමයද නැතිනම් එකම සේවා ස්ථානයේ වසර 4යි මස 10ය සේවය කර පැමිණීමේ ක්‍රමයද?

    (82)(80)



    0



    0
  3. Author says:

    Ekama company eke inna kattiyata vitharada....?

    (108)(77)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435