ලාංකිකයින්ට කොරියානු රැකියා 5000 ක්

වර්ෂයක් පාසා කොරියන් රජයෙන් ලාංකිකයින්ට රැකියා අවස්ථා හිමිවන අතර ලබන වසරේදී රැකියා අවස්ථා ප්‍රමාණය ඉහළ නැංවීමට කොරියානු රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

විශේෂයෙන් මෙරට සිටින බොහෝ පිරිස් කොරියානු රැකියා සදහා වැඩි ආකර්ශනයක්, නැඹුරුවක් දක්වන අතර ඒ වෙනුවෙන් මෙම රැකියා අවස්ථා පිටුවලක් වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මතයයි. මෙම රැකියා අවස්ථා ලබා ගැනීමේ මූලික සාකච්ජා මේ වන විටත් ආරම්භ කර ඇති අතර එහි වඩාත් සුබදායී තත්වයක් පෙනෙන්නට ඇති බව  විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ධීවර කර්මාන්තය හා නිෂ්පාදන කර්මාන්ත යන අංශවල මෙම රැකියා අවස්ථා හිමිවන අතර පසුගිය වර්ෂයට සාපේක්ෂව අමතර රැකියා අවස්ථා 5000ක් පිරිනැමෙන බව කොරියන් රජය ප්‍රකාශ කර තිබේ.

වැඩබ්ම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435