ලාංකික ගෘහසේවිකාවන්ට බලහත්කාරයෙන් උපත්පාලන එන්නතක්?

මැදපෙරදිග රටවලට විදේශ ගතවෙන ලාංකික ගෘහ සේවිකාවන් ඉලක්කකරගනිමින් විදේශ රැකියා ලබා දෙන ඒජන්සි විසින්  උපත්පාලන පෙති හා එන්නතක් ලබා දීම සම්බන්ධයෙන් පුවතක් පසුගිය දා ගාඩියන් වෙබි අඩවිය විසින් වාර්තා කර තිබුණි.

එම වෙබ් අඩවිය ඉදිරිපත් කරන ලද කරුණු අනුව බොහෝමයක් රැකියා ඒජන්සි විසින් මෙම උපත් පාලන ක්‍රමවේදය අනුගමනය කරන බවත් සඳහන්.

මෙම අනාවරණයත් සමඟ විදෙස්ගතවන ලාංකික ගෘහ සේවිකාවන් මෙන්ම ඉදිරි කාලයේ ගෘහ සේවයට විදෙස්ගත වීමට අපේක්ෂාවෙන් පසුවෙන අය අතර යම් කතිකාවතක් ගොඩ නැඟී තිබෙන බවත් වාර්තා වේ.

පහතින් දැක්වෙන වීඩියෝ පටය නරඹා මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැනගැනීමට හැකියාව ලැබෙන අතර යම් ගෘහ සේවිකාවක් නොදැනුවත්කමින් මෙම එන්නත් හෝ පෙති ලබා ගැනීමට පෙළඹීමක් විදේශ රැකියා ආයතන මට්ටමින් සිදුකරන්නේ නම් ඔවුන්ට දැනුවත් වීම උදෙසාත් මෙම තොරතුරු බෙදා හරින්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435