ලාංකික ගෘහ සේවිකාවන් 30ක් කුවේටයේදී පැහැරගෙන

කුවේට් පොලිස් රැඳවුම් මධ්‍යස්ථානයේ රදවා තබා ගෙන සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 30 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබිණි .

මෙම කාන්තාවන් අතරින් වැඩි පිරිසක් කුවේටයේ නේවාසිකාගාර තම මුදලින් මිලදී ගෙන, ඒවායේ නැවතී සිටිමින් එරට විවිධ ආයතනවල රැකියා කරමින් සිටි අය වෙති.

ඔවුන් එසේ කටයුතු කරමින් සිටියදී එරට රැකියා ඒජන්සිකරුවන් සංවිධානාත්මකව, එම නේවාසිකාගාර වෙත කඩා වැදී තමන් කුවේට් පොලීසියෙන් බව හඟවමින් මෙම කාන්තාවන් එතෙක් උපයා ගෙන තිබූ මිල මුදල්, රත්තරන් බඩු , වෙනත් විදුලි උපකරණ ඇතුළු ඔවුන් සතු වටිනා දෑ සියල්ල සමඟ ඔවුන් පැහැරගෙන ගොස් තිබේ .

ඉන්පසුව මෙම කාන්තාවන්ට දැඩි ලෙස පහර දෙමින්  වෙනත් ස්ථානයක දින ගණනාවක් රදවා ගෙන සිට පසුව කුවේට් පොලීසියේ අත්අඩංගුවට පත්වන ආකාරයට මෙම ගෘහ සේවිකාවන් මහ මග දමා ගොස් තිබේ .

පසුව කුවේට් පොලීසිය  ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වෙමින් මෙම ගැටලුව විසදීමට ප්‍රයත්න දරා ඇති අතර ඒවා අසාර්ථක වීමෙන් පසුව මෙම ගෘහ සේවිකාවන් පිරිස මෙසේ ශ්‍රී ලංකාව වෙත එවා තිබේ.

මූලාශ්‍රය – ලංකාදීප

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435