ලාංකික ශ්‍රමිකයින්ගේ සුබසාධනයට කුවේට් රජයෙන් අත හිත

කුවේටයේ සේවයේ යෙදී සිටියදී විවිධ හේතූන් මත සේවය හා නවාතැන් අහිමිවූ ලාංකික පිරිමි ශ්‍රමිකයින්ගේ සුබ සාධනය උදෙසා නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කුවේට් රජය සිය එකඟතාවය පලකර තිබේ.

විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කුවේටයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම යහපත් ප්‍රතිචාරය එරට රජයෙන් ලබා දී ඇති අතර යම් යම් කරදරවලට ලක්ව සිටින පිරිමි ශ්‍රමිකයින් සදහා නවාතැන් දීමට තානාපති කාර්යාලයේ පවතින ඉඩ ප්‍රමාණවත් නොවෙන බැවින් මෙම ඉල්ලීම කර තිබේ.

කුවේට් මිනිස් බල අධිකාරියේ අධ්‍යක්ෂ අබ්දුල්ලා එස් අල් මුතව්තා මහතා මේ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ මධ්‍යස්ථානය ඉදිකිරීම සදහා සුදුසු ස්ථානයක් මේ වනවිටත් තෝරාගෙන තිබෙන බවත් එහි ඉදිකිරීම් කඩිනමින් සිදු කරන බවයි.

කුවේට්හි තෙදින නිල සංචාරයක නිරතවන නියෝජ්‍ය අමාත්‍යවරයා කුවෙට් බලධාරින් සමග පසුගිය 16 වැනිදා සාකච්ඡා පැවැත්වූ අතර එම අවස්ථාවේ මෙම එකඟතාව ඇති කරගෙන තිබේ

තවද, සේවා යෝජකයන් හා සේවකයන් අතර ඇතිවන ගැටලු නිරාකරණය කිරීම සඳහා ශ්‍රි ලංකාව හා කුවේට් රාජ්‍යය අතර මේ වනවටිත් ඇති කරගෙන ඇත ද්වි පාර්ශවීය අවබෝධතා ගිවිසුම බලාත්මක කිරීමත්, ලබන සැප්තැම්බර් මාසයේ දී ආරම්භ කිරීමට නියමිත ඒකාබද්ධ ක්‍රීයාකාරී කමමිටුවේ වැදගත්කම පිළිබඳවත් කුවේටයේ බලධාරීන් හා සාකච්ඡා කළ බව එතුමා වැඩිදුරටත් සදහන් කළේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435