ලාංකීය නම ජාත්‍යන්තරයේ තැබූ ඇමරිකාවේ ලාංකික තරුණිය

ලාංකීය ඉතිහාසයේ පළමු වරට ලක් තරුණියක් ඇමරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ සහකාර නීතිපති ධූරයට පත්වීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලංකාවට කීර්තිය අත්කර දෙමින් මෙම තනතුරට සුදුසුකම් ලබා ඇත්තේ මිනසෝටා ප්‍රාන්තයෙහි පදිංචිව සිටින ගම්පහ, මාදෙල්ගමුව, බටපොත පදිංචිව සිටි නිලූෂි රණවීර යන අයයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් නීති උපාධිය ලබා 2005 වසරේ අමෙරිකාවට ගොස් ඇති නිලූෂි රණවීර 2006 වසරේදී මිනසෝටා ප්‍රාන්තයේ හැම්ලීන් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් අනතුරුව මිචෙල් හැම්ලීන් නීති විද්‍යාලයෙන් 2016 වසරේදී නීතිවේදී පශ්චාත් උපාධියත් හිමිකරගෙන තිබේ.

අනතුරුව එරටදී රජයේ විනිසුරුවරියක් යටතේ අපරාධ නීතිය වැඩිදුරටත් හදාරමින් සිය සේවය ඉටුකළ ඇයට ඉකුත් මස 23 වෙනි දින මිනසෝටා ප්‍රාන්තයෙහි සහකාර නීතිපති ධුරය හිමිවී ඇත.

මේ වනවිට ඇය සිය සැමියා හා දරු දෙදෙනා සමඟ ඇමරිකාවේ පදිංචිව සිටී.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435