ලාංකේය ශ්‍රමික වයස වෙනස් කිරීම ගැන යුනිසෙෆ් වෙතින් ප්‍රසාදය

ළමයින් උදෙසා සාධාරණත්වය හා යුක්තිය සහතික කිරීම සඳහා නීති ප්‍රතිසංස්කරණවලට මුල පිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) විසින් ශ්‍රී ලංකා රජයට ප්‍රසාදය පළ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම අරමුදල මේ බව සඳහන් කර ඇති අතර
අවම ශ්‍රමික වයස අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ දැමීමට ගත් තීරණය අවුරුදු 16ක් වන අනිවාර්ය අධ්‍යාපන වයසට කම්කරු නීති අනුරූප කිරීමක් වනු ඇතැයි එම නිවේදනයේ දැක්වෙයි.

කම්කරු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සිදුකරන ලද මෙම මුල පිරීම අනිවාර්ය අධ්‍යාපනය සඳහා ළමයින්ට ඇති අයිතිය අර්ථාන්විතව මුදුන් පමුණුවා ගැනීම සඳහා හැකියාව ලබා දෙනු ඇතැයි ද යුනිසෙෆ් ආයතනය සඳහන් කර ඇත.

“රජය විසින් ගන්නා ලද මෙම ඓතිහාසික තීරණය ළමයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ළමයින් උදෙසා සාධාරණත්වය හා යුක්තිය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ කැපවීම ප්‍රබල ලෙස පෙන්නුම් කරන්නක්“ බව යුනිසෙෆ් ශ්‍රී ලංකා නියෝජිත ටිම් සටන් පවසා ඇතැයි එම නිවේදනයේ දැක්වෙයි.

“ළමයින් නීතිය හමුවට පැමිණවීමේ දී අන් සියල්ලට මත් වඩා වැදගත් වන්නේ ඔවුන් ළමයින් බව සිත තබා ගැනීම යි. සිරගත කර ඔවුන්ගේ නිදහස අහිමි කිරීමෙන් ඔවුන්ගේ සමස්ථ සංවර්ධනයට හා අනාගත යහපැවැත්මට අතිශය ඍණාත්මක හා බෙහෙවින් අහිතකර බලපෑම් ඇති වෙනවා.“ යනුවෙන් ද ඔහු පෙන්වාදී ඇතැයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435