ලැව් ගිනි නිසා ඕස්ට්‍රේලියාව නොසන්සුම් – ප්‍රවේශමෙන් සිටින්න!

මේ දිනවල ඕස්ට්‍රේලියාවේ ඇතිවී තිබෙන ලැව්ගිනි හේතුවෙන් එරට ජන ජීවිතයට බරපතල ලෙස තර්ජනයක් ඇතිකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක දිගටම ඇවිලෙන මෙම ලැව්ගිනි තත්ත්වය පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති අතර ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවලට ගින්නෙන් විශාල බලපෑමක් සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ වනවිට එම ප්‍රාන්තවල ලැව්ගිනි 100කට අධික සංඛ්‍යාවක් පැතිර යමින් පවතින බවත් නියං කාලගුණය සහ වර්ෂාව මදකම හේතුවෙන් ලැව්ගිනි මෙලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව සඳහන්.

කෙසේ වෙතත් ලැව්ගිනි පාලනය කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකව පවතින අතර ඒ සඳහා ගිනි නිවන භටයින්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බවත් ලැව්ගිනිවලින් ප්‍රාන්ත දෙකෙහිම නිවාස 21 ක් පමණ විනාශ වී ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ වැඩිම ජනගහණයක් සහිත නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ලැව්ගිනි 65කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

සාමාන්‍යයෙන් අතීතයේදී වසන්ත ඍතුව ආරම්භයේදී ඔස්ට්‍රේලියාවට මෙලෙස දරුණු ලැව්ගිනිවලින් බලපෑම් එල්ල වී නැත.

කෙසේ වෙතත් පුරා වසර දෙකක් එරට නැගෙනහිර වෙරළ තීරය ට ලැබුණු වර්ෂාපතනය සාමාන්‍ය අගයට වඩා අඩු අගයක් ගැනීම හේතුවෙන් ඒ ආශ්‍රිත ප්‍රදේශ නියං තත්ත්වයකට මුහුණ පා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435