ලැව් ගිනි නිසා දකුණු කොරියාව නොසන්සුම්- නිවාස 300කට වඩා දේපළ හානි

දකුණු කොරියාවේ නැගෙනහිර වෙරළ තීරයේ හටගත් ලැව් ගින්නකින් අයෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇත.

දකුණු කොරියාවේ ගැන්ග්වොන් පළාතේ සොක්චෝ සංචාරක නිකේතනය ආසන්නයේ වනාන්තර කලාපයක මෙම ගින්න හටගෙන ඇත.

මේ වන විට ගින්නෙන් දැවී විනාශයට පත්වූ වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 385කි.

ඉන් නිවාස 300කට වැඩි ප්‍රමාණයක් විනාශයට පත්ව ඇති බවද සඳහන්ය.

ලැව්ගින්න ව්‍යාප්තවීම හේතුවෙන් පුද්ගලයින් 4 000ක් පමණ ස්ථිර වාසස්ථානවලින් ඉවත්කර ආරක්ෂිත ස්ථානවල රඳවා ඇත.

ගින්න හේතුවෙන් පාසල් 52ක් දැනටමත් වසා දමා ඇති අතර ඇතැම් පාසල් වල අවතැන්වූවන් තාවකාලිකව රඳවා සිටියි.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් 13 000ක් යොදවා ඇති අතර ගිනි නිවන රථ 77ක් සක්‍රීයව සේවයේ යොදවා ඇත.

ඊට හෙලිකොප්ටර් යානා 45ක සහායද හිමි වෙයි.

මූලාශ්‍රය – අද දෙරණ

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435