ලිංගික විපර්යාසය හා සම ලිංගිකත්වය

පසුගිය ඔක්තෝබර් මාසයේ දේශපාලන කුමණ්ත‍්‍රනයෙන් පසු ජනාධිපති සිරිසේන හා මහින්ද රාජපක්‍ෂ ගජ මිතුරන් බවට පත්වී එකම වේදිකාවක දැවැන්ත ජන රැළියක් පවත්වන ලදි. එහිදී සිරිසේන ජනාධිපතිවරයාගෙන් යහපාලන ආණ්ඩුවට එල්ල වූ එක් චෝදනාවන් වූයේ ආණ්ඩුවේ බොහෝ තීන්දු ගන්නනේ ‘සමනළ’ කණ්ඩායමක් බවට ය.

මෙම ‘සමනළ’  කණ්ඩායම පිළිබඳ මතය සිරිසේන ජනාධිපති වරයා ඉදිරිපත් කළේ යම් අවඥාසහත හා හෙලා දැකීමේ මූලික පදනමක සිට ය. ලාංකීක සමාජය තුළ සමලිංගික සේවනය පිළිබඳ හා ලිංගික විපර්යාසයන්ට ඔර්බි  ඨැබාැර ඇත්තේ පිළිකුල් සහගත සංස්කෘතිකමය කියවීමකි. බොහෝ විට සම ලිංගිකයන් අප සමාජය විසින් කොන් කර දැක්වීමත්, එය පාපයක් ලෙස හුවා දැක්වීමක් සිදුවේ. ආගමික පරිසරය හා ඒ හා බැඳුනු න්‍යෂ්ඨික ගත පවුල් පරිසරයක ජීවත් වන ලාංකිකයන්ට මේ ප‍්‍රශ්ණය ගැන සිතීම පවා යම් විකාර රූපී මනෝභාවයක් ඇති කරන්නට සමත් ව තිබේ.

එහෙත් බටහිර කලාපයේ රටවල මේ ප‍්‍රශ්ණය පිළිබඳ ඇත්තේ වෙනත් අදහසකි. බොහෝ රටවල සම ලිංගිකයන්ට විවාහවීමේ ඇති අයිතියත්, යම් පුරුෂයෙක් තමන් ගැහැණියක් බව පිළිගන්නේ නම් එකී සිතුවිල්ලේ අයිතිය හා ගැහැණියක් ලෙස කටයුතු කිරීම සඳහා අයිතිවාසිකම් හා පහසුකම් ද සලසා දී තිබේ. බටහිර කලාපයේ උග‍්‍ර ආගමික පරිසරයක් තුළ පවතින රටවල පවා එම ප‍්‍රශ්ණය පිළිිබඳව විවෘත තළයේ සාකච්ඡුාවක් මතු වීමට ඉඩ සලසා ඇත. පුද්ගලයෙකුට තමන් පිරිමියෙකු ද, ගැහැණියකු ද යන්න තීරණය කිරීමට ඇති අයිතිය සමාජගත කිරීමට එරෙහිව පවතින ප‍්‍රධාන මතවාදය වන්නේ යම් පුද්ගලයෙකු වෛද්‍ය විද්‍යාත්මක ව කරනු ලබන ප‍්‍රතිකාරයකින් පසුව ස්ත‍්‍රියක් බවට පත්වූවත් ඇයට ස්වාභාවිකව ගැහැණියක් බවට පත්වීමට නොහැකි බවයි.

එනම් දරුවෙකු පිළිසිඳ ගැනීමේ හැකියාවක් එවන් ලිංගික විපර්යාසයකට පත්වූවෙකුට නොමැති බවය. උත්තරීතර මාතෘත්වය හා ඒ හා බැඳුනු ශාරීරික හා මානසික විදීම් හා වේදනාවන් ලිංගික විපර්යාසයට ලක්වන අයට නොමැති බවයි. එහෙත් අද නවීන විද්‍යාව කොතරම් දියුණුවේද යත් එවන් ලිංගික විපර්යාසයන්ට ලක් වූවන්ට දරුවෙකු පිළිසිඳ ගැනීම සඳහා අවශ්‍ය ගර්භාෂය පවා නිරිමාණය කිරීමේ හැකියාව දියුණු කර තිබේ.

අසල්වැසි ඉන්දියාව තුළ මේ මොහොත වන විට සමලිංගික විවාහය නීති ගත කොට තිබෙන අතර ලිංගික විපර්යාසයන්ට ලක්වූවන් පිළිබඳව ඇත්තේ ඉහළ පිළිගැනීමකි. ඔවුන් විශාල වශයෙන් සංවිධානය වී ඇති අතර ඉන්දියානු පාර්ලිමේන්තුව තුළ පවා නියෝජනයක් ලබ ගැනීමට තරම් ශක්තිමත් සංවිධනයක් ගොඩනගා ගෙන තිබේ. විශේෂයෙන් ඉන්දියානු සංස්කෘතිය තුළ ඔවුන් යම් දේව වරප‍්‍රසාදිත තත්තවයක් සහිත පිරිසක් බව පිළිගැනීමට ලක්ව ඇත. එබැවින් ඔවුන්ගෙන් ආශිර්වාදය ලබා ගැනීම මගින් තම දෛනික කටයුතු දියණු වන බව හින්දු ආගමික ජන සමාජය තුළ යම් විශ්වාසයක් ගොඩ නැගී තිබේ.

ආගමික විශ්වාසය කෙසේ වුවත් සම ලිංගික සේවනය ඔවුනට විවාහ වීමට ඇති අයිතිය හා ලිංගිකව විපර්යසයන්ට ලක්වන අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් හා ඔවුගේ අයිතීන්  පිළිගැනීම සමාජ මතයක් බවට පත් කිරීමේ වගකීම හා කාර්යය භාරය පැවරී ඇත්තේ වාමාංශික ව්‍යාපාරයටය. විශේෂයෙන් අඩු දියුණු රටවල පවතින සංසාකෘතිකමය හා ආගමික භාදාවන්ට එරෙහිව ජන සමාජය තුළ හඬක් නැගීමත් සාමාන්‍ය පුරවැසියන් අතර තම දෛනික ජීවිතය සමාන්‍ය ආකරයෙන් කරගෙන යෑමට මේ අයට සහයෝගය ලබා දිය හැක්කේ සමාජ සම්මතයෙන් ඔබ්බට සිතුවිළි දියුණු කරගත් වාමාංශිකයිනට පමණි.

අද ලෝකයේ මූලික පිළිගැනීම වන්නේ තමන් කැමති ලෙස ලිංගික හැසිරීමේ අයිතියයි. එය මූලික මිනිස් අයිතියකි. මානව සංහතියේ මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් ලෙස තහවුරු කරමින් මේ ප‍්‍රශ්ණය සඳහා සමාජමය පිළිගැනීමක් ඇති කිරීම සියලූ මිනිස් වර්ගයා සතු කාර්යය භාරයකි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435