ලෙබනනයට දින 03ක ශෝක කාලයක්

ලෙබනනයේ බීරුට් වරායේ සිදුවූ දැවැන්ත පිපිරීම නිසා 100කට අධික ප්‍රමාණයක් මේ වනවිට මරණයට පත්ව තිබෙන අතර තවත් 4,000ක් පමණ පිරිසකට තුවාල සිදුවි මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

මෙම පිපිරීම නිසා ලාංකිකයින් දෙදෙනෙකුට තුවාල ලබා ප්‍රතිකාර කරන අතර ලක්ෂ 03කට අධික ප්‍රමාණයක් අවතැන් වී සිටින බවත් වාර්තා වේ.

පිපිරීමෙන් අනතුරුව ලෙබෙනන් පාර්ලිමේන්තුව 05 වෙනි දින හදිසියේ රැස්වී තිබෙන අතර එහිදී එළැඹි තීරණයකට අනුව බීරූට් හි පිපිරීමෙන් මියගිය හා තුවාල ලැබූ පිරිස වෙනුවෙන් දින 03ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ. එමෙන්ම බීරූට් නුවරට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත්කෙරුණි.

මෙම පිපිරීම නිසා බීරූට් වරාය යලි භාවිතයට ගැනීමට නොහැකි අයුරින් මුළුමනින්ම විනාශයට පත්ව තිබෙන අතර එරට වැසියන්ගේ ආර්ථික කේන්ද්‍රස්ථානය වන්නේද මෙම බීරූට් වරායයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435