ලෙබනනයේ පිපිරීමෙන් තානාපති කාර්යාලයට හානි – තුවාල ලැබූ ලාංකිකයින් ගැන විපරමෙන්

බෙලනනයේ බේරූට් අගනුවර වරාය පරිශ‍්‍රයේ සිදුවූ දැවැන්ත පිපිරීමෙන් එරට පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයට ද හානි සිදුව තිබෙනවා.

තානාපති කාර්යාල ගොඩනැගිල්ලේ පිවිසුම් දොරටුවලට හානි සිදුව ඇති බවයි ලෙබනනයේ සහ සිරියාවේ ශ‍්‍රී ලංකා තානාපති ශානි කල්‍යාණරත්න කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ.

එමෙන්ම තානාපති කාර්යාල නිලධාරීන්ගේ නිවාසවලටද හානි සිදුව තිබෙන අතර කෙසේ වෙතත් තානාපති කාර්යාලය මීට පෙර පැවති ස්ථානයේ තිබුණේ නම් විශාල අනතුරක් සිදුවන්නට තිබුණ බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම පිපිරීමෙන් ශ‍්‍රී ලාංකිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර තවදුරටත් තුවාල සිදු වූ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තොරතුරු සොයමින් ඇති බවයි පෙන්වා දුන්නේ.

ලේ දන් දීමකට හැර රෝහල් වෙත යෑම මේ වන විට තහනම් කර ඇති බැවින් අදාළ සොයා බැලීම් සිදු කිරීම අපහසු වී ඇති බවත් ශ්‍රී ලංකාවේ කිසිවෙකු මිය ගොස් නැති බවට විශ්වාස කරන බවත් පෙන්වා දුන්නා.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435