ලෙබනනයේ බීරුට් හි සිදුවූ පිපිරීමෙන් ලාංකිකයින් දෙදෙනෙකුට තුවාල

100කට අධික පිරිසක් මරණයට පත් කරමින් සහ තවත් 4,000ක් පමණ පිරිසකට තුවාල සිදු කරමින් ලෙබනනයේ සිදු වූ පිපිරීම නිසා තවත් ශ්‍රී ලාංකිකයෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඊයේ (04) බේරුට් නගරයේ සිදුවූ එම විශාල පිපිරීමෙන් මේ වනවිට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ලෙබනන මහජන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තවත් තොරතුරු බලාපොරොත්තුවෙන් සිටින බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

එම පිපිරීම හේතුවෙන් බේරුට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සහ තානාපති කාර්යාල නිලධාරින්ගේ නිවාසවලට සුළු හානි සිදුව තිබේ.

නමුත් කිසිදු තානාපති කාර්යාල නිලධාරියෙකු තුවාල ලබා නොමැති බව වාර්තා වේ. ලෙබනනගේ ශ්‍රී ලාංකිකයින් 25,000ක් පමණ ජීවත් වේ.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435