ලෙබනනයේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූ ලාංකිකයින් ගණන ඉහළට

ලෙබනනයේ බීරූට් හි සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූ ලාංකිකයින් ගණන 08ක් දක්වා ඉහළ ගොස් ඇති බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වාර්තා කර තිබේ.

තුවාල ලැබූ පිරිස මේවනවිට රෝහල්ගතව ප්‍රතිකාර කරනු ලබන බවයි තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මෙම පිපිරීම නිසා බීරූට් හි අගනුවර වෙසන ලාංකික පිරිසකගේ නිවාසවලටද හානි සිදුව තිබෙන බවත් සඳහන්.

ලෙබනනයේ ලාංකිකයින් 25,000කට අධික ප්‍රමාණයක් ජීවත්වෙන අතර බීරූට් හි සිටින ලාංකිකයින් ගැන විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් බීරූට් හි ලක් තානාපති කාර්යාලයේ 00961 5769585 යන දුරකතන අංකයෙන් හා slemb.beirut@mfa.gov.lk යන විද්‍යුත් ලිපිනයෙන් තොරතුරු ලබා ගත හැකි බවත් තානාපති කාර්යාලය සිහිපත්කර දෙයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435