ලෙබනන් යන ශ්‍රමිකයින් සඳහා නව රෙගුලාසි

කොවිඩ් – 19 පැතිරයාම වැළැක්වීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ ඕනෑම රටක සිට  ලෙබනන් රාජ්‍යයට පැමිණෙන ශ්‍රමිකයින් සම්බන්ධයෙන් නව රෙගුලාසි එරට ආරක්ෂක ක්ෂේත්‍රාධිකරණ මහලේකම් කාර්යාලය විසින් නිවේදනය කර ඇත.

ඒ අනුව, 2020.07.13 න් පසු ලෙබනනයට පැමිණෙන මගීන්ට PCR පරීක්ෂණ වාර්තාවක් තිබිය යුතු අතර ඔහු/ඇය ලෙබනන් බලධාරීන් විසින් නම් කරන ලද හෝටලයක නැවති සිටිය යුතු වේ. ඒ සඳහා හෝටල් ගාස්තු ශ්‍රමිකයා විසින් ගෙවිය යුතුය. එබැවින්, PCR පරීක්ෂණය සඳහා ගෙවීමට හා පැය 24 ක් හෝටලයක රැදී සිටීමට ප්‍රමාණවත් මුදලක් ශ්‍රමිකයා සතුව තිබිය යුතු බව දන්වා සිටියි.

PCR පරීක්ෂණය ධනාත්මක නම්, වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනු ලබන අතර, ඒ සඳහා ද ශ්‍රමිකයා විසින් ගෙවීම් සිදු කළ යුතු බවත් ද වැඩිදුරටත් දන්වා සිටියි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435