වතුකම්කරු උද්ඝෝෂණවලට අධිකරණ වාරණ

වතුකම්කරුවන්ගේ වැටුප් රැපියල් දහස දක්වා වැඩි කරන ලෙස බලකරමින් වතුකම්කරුවන් විසින් දින කිහිපයක සිට ක්‍රියාත්මක කරන උද්ඝෝෂණ වැලැක්වීම සදහා අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. ඒ ඊයේ දිනයේ මස්කෙළිය නගර මධ්‍යයේ වතුකම්කරුවන් පිරිසක් සිදුකිරිමට සුදානමි කර තිබු උද්ඝෝෂණ මුල් කර ගනිමිනි

මෙවැනි උද්ඝෝෂණයක් පැවැත් වුහොත් මහජනයාගේ ජිවිත වලට හා දේපල වලට හානියක් සිදුවිමට ඉඩ ඇති බව අධීකරණය හමුෙවි මස්කෙළිය පොලිසිය මගින් කරුණු දැක්විමෙන් අනතුරුව මෙම උද්ඝෝෂණය සංවිධානය කරන්නේ යැයි කියන ලංකා කම්කරු කොංග්‍රසයේ වෙල්ලයේන් දිනේෂ් සහ අමිමාසි රවිචන්ද්‍රන් යන අයට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බැලූ මහේස්ත්‍රාත් එස්. රාජේන්ද්‍රන් මහතා විසින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති  සහ මධ්‍යම පළාත් හින්දු අධ්‍යාපන අමාත්‍ය එස්. රමීෂ් මහතා පවසන්නේ මෙම උද්ඝෝෂණ ලංකා කම්කරු කොංග්‍රසය මගින් සංවිධානය නොකරන බවත් තම දෛනික වැටුප රැපියල් දහස් දක්වා වැඩි කරන ලෙස බලකරමින් වතුකම්කරුවන් වෘත්තිය සමිති බේදයකින් තොරව සිදුකරන උද්ඝෝෂණ වලට මහජන නියෝජිතයන් වශයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජිතයන් සහයෝගය දක්වන බවයි.

මූලාශ්‍රය – ලක්බිම

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435