වතුකම්කරු වැටුප් වැඩි කිරීම 730 ට ස්ථිරයි

වතුකම්කරුවන්ගේ රුපියල් හත්සිය තිහක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වු සාමුහික ගිවිසුමට ඊයේ දිනයේ (18) පස්වරුවේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍යංශයේදී අත්සන් තබා තිබෙන බව ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. එම අවස්ථාවට මලික් සමරවික‍්‍රම, ජොන් සෙනෙවිරත්න, නවීන් දිසානායක, මහින්ද අමරවිර, රවි සමරවිර යන ඇමතිවරුන් ද සහභාගි වී ඇත.

මෙම සාමුහික ගිවිසුම වතුහාම්පුතුන්ගේ සංගමය හා වතු ඒකාබද්ධ වෘත්තිය සමිති විසින්  වසර දෙකට වලංගු වන ලෙස  ලෙස අත්සන් කළ බව ලංකා කම්කරු කොංග‍්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හා මධ්‍යම පළාත් හින්දු අධ්‍යාපන අමාත්‍ය එස්.රෙමිෂ් මහතා පවසයි.

ලංකා කම්කරු කොංග‍්‍රසය මගින් සාමුහික ගිවිසුමට අත්සන් කිරීමට පෙර වතු කම්කරුවන් වෙනුවෙන් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරන ලදී. වසරකට දින 300ක් වැඩ ලබා දිය යුතු බවත්, දැනට ලදු කැලෑ  බවට පත්වි ඇති තේ වතු මාස හයක් වැනි කාලයක් තුල සම්පුර්ණයෙන්ම ශුද්ධකොට තේ වගාව නගා සිටුවිය යුතු බවත්, තේ දළු නෙළමින් සිටින වතුකම්කරුවන්ට ඇතැමි විට එල්ල වන බඹර ප‍්‍රහාරවලදි එම වැටුප ඔවුන් නැවත සේවයට පැමිණෙන තෙක් ගෙවීම යන යෝජනා වතුහාම්පුතුන්ගේ සංගමයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම ඉල්ලීම් වලට එකඟවීම නිසා අවබෝධතා ගිවිසුමට ලංකා කම්කරු කොංග‍්‍රසයේ මහලේකම් නුවරඑළිය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආරුමුගමි තොන්ඩමන් මහතා අත්සන් කර තිබේ.

දෙනික වැටුප රුපියල් 1000ක් කරන ලෙස ඉල්ලා සිටිය වතු කම්කරුවන්ගේ වැටුප මෙම සාමුහික ගිවිසුමෙන් පසු 730 දක්වා වැඩිකර ඇති අතර පෙර වැටුපට රුපියල් එකසිය තිහක වැටුප් වැඩි වීමක් සිදුවී තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435