වතු කම්කරුවන්ගේ වැටුප් 1000ක් දක්වා වැඩිකිරීම ගැන සුබවාදී පිළිතුරක්

වතුකරයේ සේවය කරන කම්මරුවන්ගේ දෛනික වැටුප් රුපියල් 1000ක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් පසුගිය 24 වෙනි දින ගාලු මුවදොර පිටියේදී දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කෙරිණි.

අදාල කාරණය සම්බන්ධයෙන් සුබවාදී පිළිතුරක් ලබා දෙමින් වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති සුරේෂ් වඩිවෙල් මහතා ප්‍රකාශකර ඇත්තේ වතු කම්කරුවන්ට දෛනික වැටුප වශයෙන් රුපියල් දහසක් ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට සිදුකර ඇති සාකච්ඡා සාර්ථක බවයි.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (06දා) කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී ය.

හෙතෙම වැඩිදුරටත් සඳහන් කරන පරිදි කම්කරුවන්ට රුපියල් දහසක වැටුපක් දීම පිළිබඳව තමා තොණ්ඩමන් ඇමැතිවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ පෙරේදා දිනයේදී සාකච්ඡා සිදුකළ බවයි.

එමෙන්ම ඉදිරි දින කිහිපය ඇතුළතදී වතු හාම්පුතුන් සමඟ සාකච්ඡා සිදුකරන බවත් ඒ අනුව වතු කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නය ඉතාම සතුටුදායක විදියට විසඳෙන බවත් ඇමැතිවරයා පෙන්වා දී ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435