වතු කම්කරු ජනතාවගේ ජීවිත අනතුරේ !

ප‍්‍රධාන වතු වෘත්තීය සමිති, ප‍්‍රාදේශීය වැවිලි සමාගම් හා රජය විසින් වතු කම්කරු ජනයාගේ ජීවිත අනතුරේ හෙළා ඇති බව 1000 ව්‍යාපාරය පවසයි.

එම ව්‍යාපාරයේ සම කැඳවුම්කරු චින්තක රාජපක්ෂ මහතා විසින් යොමු කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ මේ පිළිබඳව තම බලවත් විරෝධය පළ කරන බවයි.

එකී නිවේදනය මෙසේය.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය ඉදිරි සති දෙකකට වැඩි කාලයක් තීරණාත්මක බවට පත්වන බව සියලූ ක්ෂේත‍්‍රවල වෘත්තිකයන් විසින් දැනුම් දී ඇත. ඒ අනුව මේ වන විටත් දිනක වැඩිම වෛරසය වැළදුනු රෝගීන් සංඛ්‍යාව වාර්තා වෙමින් පවතී. මෙයින් පෙන්නනුම් කරනුයේ රට පුරා වෛරසය ව්‍යාප්ත වීමට තිබෙන ඉඩකඩ වැඩි බව හා ජනතාව හැකි උපරිමයෙන් ආරක්ෂාව සලසා ගත යුතු බවයි.

නමුත් එක්ලක්ෂ හතළිස්දාහක් පමණ වන වතු කම්කරු ජනතාව දෛනිකව සේවයේ යෙදිය යුතු බවට වතු සමාගම් විසින් දැනුම් දී ඇති තත්ත්වයක් තුළ ඉතා අවදානම් ජනතාවක් ලෙසට වතු ජනතාව පත්ව සිටී.
මෙවැනි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් 1000 ව්‍යාපාරය ලෙස අප දැඩි විරෝධයක් ප‍්‍රධාන වතු වෘත්තීය සමිති, ප‍්‍රාදේශීය වැවිලි සමාගම් හා රජය වෙත පල කරනු ලබයි.

එමෙන් ම, වසර 150 ක පමණ ඉතිහාසයක් උරුම තේ කර්මාන්තයේ නියැලෙන ජනතාවට, විසඳා ගැනීමට නොහැකි වූ ගැටළු ගණනාවක් පවතිද්දී, මොවුන් සියලූ දෙනා දැඩි අවදානමක ලක් කරමින් සේවයේ යොදවන්නේ කාගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට යන්න පැන නගින ප‍්‍රධාන ගැටළුවකි. තවද, රටේ රාජ්‍ය හා පෞද්ගලික අංශයට නිවාඩු ලබා දී අවස්ථාවක අදාළ තීරණය වතුකර ජනතාවට වලංගු නොවන්නේ කුමන හේතු නිසාද?

වසර 25කට වැඩි කාලයක් ප‍්‍රාදේශීය වැවිලි සමාගම් විසින් උපයා ගත් විශාල ලාභයෙන් යම් මුදලක් යොදවා අවම ජීවිතය හෝ රැක ගැනීමට වතුකර ජනතාවට සහයෝගය ලබා නොදීම ගැන රජය ප‍්‍රශ්න නොකරන්නේ මන්ද?
ප‍්‍රධාන වෘත්තීය සමිති කිහිපය විසින් ඉතිහාසය පුරා තම දේශපාලන පැවැත්ම වෙනුවෙන් ඔවුන්ගෙන් සාමාජික මුදල් ලෙස උපයාගත් කෝටි ගනනක මුදලින් සොච්චම් මුදලක් වතුජනතාව වෙනුවෙන් යොදවන ලෙස රජය බලපෑම් නොකරන්නේ ඉදිරි මැතිවරණවලදී ගැටළුවක් වන නිසාද?ලයින් කාමරවල එක පේලියක ජීවිතය බෙදා ගන්නා ජනතාවක්, මේ වන විටත් අවම සෞඛ්‍ය පහසුකම් හා උපක‍්‍රම භාවිතා කරන පිරිසක්, වෙත කොරෝනා වෛරසය වැළදීමට ඉඩ නැති බව සහතික විය හැක්කේ කාටද?

දිනක මූලික වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කොට තම ජන ජීවිතය ශක්තිමත් කර ගැනීමට කළ ඉල්ලීම මේ වන තෙක් ඉෂ්ඨ කර දීමට අසමත් කණ්ඩායමක් ලෙස, දෛනිකව ඔවුන් මුහුණ දෙමින් තිබෙන මුලික අවශ්‍යතා සපුරා ගැනීමේ දැඩි අපහසුතාවය නොසලකා හැර තිබෙන අවස්ථාවක, රුපියල් 1000 ක් ලබා දීමට අමතරව මේ අවස්ථාවේදී විශේෂ අවධානයක් යොමු කරමින් සෞඛ්‍ය පහසුකම් හා ආහාර ලබා දීම සමාගම් හා රජය විසින් සිදු කළ යුතු මොහොතක,
සමස්ත වතුකර ජනතාවගේ ජිවිතයන් අනතුරට පත් නොකට වහාම සේවයේ යෙදවීම නතර කර ඉදිරි මාසයක් පමණ කාලයක් ඔවුන්ට ජීවත් විය හැකි දීමනාවක් ලබා දෙන ලෙස 1000 ව්‍යාපාරය දැඩිව අවධාරණය කරන්නෙමු.

එමෙන්ම වෛරසය ව්‍යාප්තිය හා ඒ තුලන් රටෙහි ඇතිවන පොදු තත්ත්වයන් හිදී වතුකර ජනතාව වෙනම කණ්ඩායමක් ලෙස නොසලකන ලෙසත් වැඩි දුරටත් දන්වා සිටිමු.

1000 ව්‍යාපාරය වෙනුවෙන්,
(චින්තක රාජපක්ෂ, සම කැඳවුම්කරු,)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435