වතු කම්කරු වැටුප ගැන මන්ත්‍රී  කතා

වතු කම්කරුවන්ට රුපියල් 1000ක වැටුපක් ලබාදීමට රජය ගත් තීරණය පැසසුමට ලක් කළ යුතු වුවත් එය ප්‍රායෝගිකද යන්න පිළිබඳවත් අවධානය යොමු කළ යුතු බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධක්‍රිෂ්ණන් මහතා පවසයි.

තලවකැළේ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ බව අප වාර්තාකරු කියා සිටියි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රාධා ක්‍රිෂ්ණන් පවසා ඇත්තේ හිටපු ජනාධිපති විශ්වාස කළ නොහැකි බවත් වත්මන් හි  සිටින ජනාධිපතිවරයා හා අගමැතිවරයා විශ්වාස කළ හැකි බවයි.

ඔවුන් දෙදෙනාගේ අදහස් එකට ගමන් කරන්නේ නම් රටට හොඳක් විය යුතු බවත් පැවසු ඒ මහතා, වතුකම්කරුවන්ට වැටුප රුපියල් 1000 ක් ලබා දෙන්නේ නම් පළමුව සතුටු වන්නේ තමා වුවත් එය ප්‍රායෝගිකව කළ හැකි ද යන්න ප්‍රශ්නයක් බවත් පැවසීය.

කෙසේ වුවද වසර 5කට පෙර සිට මේ ගැන කථා කර ඇති බවත් එනිසා මෙම රුපියල් 1000 ක වැටුප එම ජනතාවට දැන් හෝ ලබා දීම ගැන ආණ්ඩුවට ස්තූති වන්ත වන බවත් ඒ මහතා කියා සිටියේය.

මේ අතර වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරිමට රජය විසින් කැබිනට් අනුමැතියක් ලබාගෙන කටයුතු කිරිම අගය කරන බව දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් තිලකරාජ් මහතා පවසයි.

තිලකරාජ් මන්ත්‍රිවරයා මේ බව කියා සිටියේ කම්කරු ජාතික පෙරමුණ සහ ජාතික කම්කරු සංගමය විසින් ඊයේ  (19) හැටන් ඩි.කේ.ඩබ්ලිව් ශාලාවේ සංවිධානය කර තිබු තෛපොංගල් දින උත්සවයකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මයිල්වාගනම් තිලකරාජ් මන්ත්‍රිවරයා කියා සිටියේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාකරනු ලැබුවේ සාමුහික ගිවිසුමක් අනුව බවත්, එම ගිවිසුම අහෝසි කර ඉදිරියේදි වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් රජය විසින්ම කටයුතු කළ යුතු බවත්ය.

මෙම තෛපොංගල් දින උත්සවයට කම්කරු ජාතික පෙරමුණේ සහ ජාතික කම්කරු සංගමයේ සභාපති සහ හිටපු අමාත්‍යය පලනි දිගම්බරම් මහතාද සහභාගි විය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435