වනජීවි නිලධාරීන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන්

වනජීවි නිලධාරීන් සිදු කරන රාජකාරී සඳහා පැය 150 කට අමතර දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා ඉකුත් 20 වැනිදා සිට පැය 8 ක සේවා කාලයක් සිදු කිරීමට වනජීවි නිලධාරීන් තීරණය කර තිබුණි.

ඉන් අනතුරුව වනජීවි නිලධාරීන් 21 වෙනි දින සිට දිවයින පුරා වනජීවි කාර්යාල වසා වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණය වූ අතර එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය  තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළබව සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා ප්‍රකාශකර තිබේ.

විෂය භාර අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී පොරොන්දුවූ පරිදි වනජීවී නිලධාරින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සතියක් තුළ විසඳුමක් ලබාදෙන බවට කළ ප්‍රකාශයත් සමඟ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවයි ප්‍රභාෂ් කරුණාතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435