වර්ජනයට අපි නෑ

වෛද්‍යවරුන් අද (03 වැනිදා) දීපව්‍යාප්තව පැවැත්වීමට නියමිත වැඩ වර්ජනයට වෛද්‍යවරුන් දහසකට අධික පිරිසක්‌ නියෝජනය කරන බහුවිධ අංශයන්හි නිපුණතා පූර්ණ සෞඛ්‍ය නිලධාරි සංගමය එක්‌ නොවන බව එහි ලේකම් වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා පැවැසීය.

වෛද්‍යවරුන්ගේ අයිතිවාසිකම්, වරප්‍රසාද හා වෛද්‍ය නිලධාරීන්ගේ අභිවෘද්ධිය පිණිස කටයුතු නොකළ එක්‌තරා පිරිසක්‌ වෘත්තීය අයිතීන් දිනා ගැනීමට අනුගමනය කළ යුතු මූලික සිද්ධාන්ත පවා නොතකමින් සැණින් වැඩවර්ජනයකට එළඹීම අනුමත නොකරන බව හෙතෙම කියා සිටී.

වෛද්‍යවරුන්ට වාහන බලපත්‍ර ලබාදීම මීට දශක දෙකකට පෙර ගත් තීරණයක්‌ බවත් 2006 වසරේදී රජයේ විධායක නිලධාරීන්ටත් එම වරප්‍රසාදය ලබාදෙන මොහොතේ ඊට සහාය පළකළ වෛද්‍ය සංගම් වෛද්‍යවරුන්ගේ වරප්‍රසාද අහිමි වනතුරු නිහඬව සිටි බවද ඔහු කියා සිටියේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉවත් වූ සහ ඊට සම්බන්ධ නොවන වෛද්‍යවරුන් බහුවිධ අංශයන්හි නිපුණතා පූර්ණ වෛද්‍ය නිලධාරි සංගමය එක්‌ව වෛද්‍ය නිලධාරීන්ගේ සියලු අයිතීන් දිනා ගැනීමට තීරණය කළ බවද වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා තවදුරටත් කියා සිටියේය.

මූලාශ්‍රය – දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435