වරායේ නැගෙනහිර ජැටිය විකිණිමට එරෙහිව සත්‍යග්‍රයක්

කොළඹ වරාය නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව (29 දින) සිට අඛණ්ඩ සත්‍යග‍්‍රහයක් ආරම්භ කර ඇත.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව මගින් මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ග අරඹා ඇති අතර, මෙම උද්ඝෝෂණය සඳහා විශාල වරාය සේවකයින් පිරිසක් සහභාගී වී සිටි අතර සත්‍යග‍්‍රහය වරාය පිවිසුම ඉදිරිපිටදී ආරම්භ විය.

නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරියේ පූර්ණ හිමිකාරීත්වය යටතේ ක‍්‍රියාත්මක කරන බවට පොරොන්දු දී බලයට පැමිණි වත්මන් ආණ්ඩුව එය ඉන්දියානු ලංකා සමාගම්වලට විකිණීමට කටයුතු කරන බවට තහවුරු වන බවත් ඒ හරහා වරායේ විශාල සේවකයින් පිරිසකගේ රැකියා තර්ජනයකට ලක්විය හැකි බවත් ඒ නිසා සියලූ සේවකයින් දිවිහිමියෙන් වරායේ නැගෙනහිර ජැටිය විකිණීමේ ක‍්‍රියාවලිය නතර කරන තෙක් කටයුතු කිරීමට සූදානම් බව වෘත්තිය සමිති එකමුතුව පවසයි.

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435