වව්නියාවේ පෞද්ගලික බස් සේවකයින් වැඩ වර්ජනයක

වව්නියාව පෞද්ගලික බස් සේවකයින් අද(19) සේවයෙන් බැහැරව වැඩ වර්ජනයක නිරතවන බව අද දෙරණ වාර්තාකරු පවසයි.

වව්නියාව නව බස් නැවතුම්පොළ ප්‍රදේශයේදී  ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල සේවකයින් හා පෞද්ගලික බස් රථ සේවකයින් අතර ඇති වු ගැටුමක් පදනම් කර ගනිමින් පෞද්ගලික බස් සේවකයින් වැඩ වර්ජනයේ නිරත වන බව වාර්තා වෙයි.

යාපනය සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක්  හා  වව්නියාව සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වන ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් සේවකයින් අතර සිදුවු  ගැටුමක් ගැටළුවට මුල් වි ඇති බව බස් සේවකයින් සඳහන් කළේය.

ගැටුම අවස්ථාවේදී පෞද්ගලික බස් රථ හිමිකරුවෙකු පැමිණ වව්නියාව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ කොන්දොස්තරවරයෙකුට පහරදී ඇති අතර, අදාළ අවස්ථාවේදී දෙපිරිස අතර උණුසුම්කාරි තත්වයක් හටගෙන ඇත.

සිදුවීමෙන් අනතුරුව වව්නියාව ඩිපෝ සේවකයින් සිය බස් රථ වව්නියාව බස් නැවතුම්පොළෙන් ඉවත් කරගෙන ගොස් පසුගිය 17 වැනිදා වැඩ වර්ජනයක් පැවැත්වූහ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල බස් සේවකයින්ගේ වැඩ වර්ජනයෙන් අනතුරුව පෞද්ගලික බස් රථ සේවකයින් ඊයේ(18) සවස සිට වැඩ වර්ජනයක ආරම්භ කරනු ලැබීය.

වැඩ වර්ජනයට එක්වු පෞද්ගලික බස් රථ සේවකයින් පැවසූවේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල සේවකයින් සිය ධාවන වේලාවන් වෙනස් කොට ධාවනය කිරීම හේතුවෙන් පෞද්ගලික බස් රථ කර්මාන්තය අනතුරට ලක්ව ඇති බවයි.

ඒකාබද්ධ කාලසටනක් ලබා නොදීම ආදී ගැටළුවලට විසදුම් ඉල්ලා තමන් වැඩ වර්ජනය පවත්වන බව පෞද්ගලික බස් සේවකයින් පැවසූහ.

වව්නියාව පෞද්ගලික බස් නැවතුම්පොළ බස් සේවකයින් පැවසූවේ අන්තර් පළාත් හා පළාත් අභ්‍යන්තර පෞද්ගලික බස් රථ සේවා සියල්ල වැඩ වර්ජනයට එක්ව සිටින බවයි.

මූලාශ්‍රය – අද දෙරණ

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435