වසර 12ක් සෞදියේ නිවසක සිරවී සිටි ලක් කතකට නිදහස ලැබෙයි

වසර 12 කට ආසන්න කාලයක් සෞදියේ නිවසක සිරවී සිටියදී මුදාගනු ලැබු ශ්‍රී ලාංකික කාන්තාවක් පසුගියදා දිවයිනට පැමිණි ඇති බව වාර්තා වේ.
මෙසේ දිවයිනට පැමිණියේ මාතර, වැල්ලතොට පදිංචි පද්මසීලි විතානගේ නැමැති 59 හැවිරිදි කාන්තාවකි.

ඇය 2006 වර්ෂයේ සෞදියේ ගෘහ සේවිකාවක් ලෙස සේවය සඳහා විදේශගතවී තිබෙන අතර එතැන් පටන් වසර 12කට ආසන්න කාලයක් සෞදිහාම්පුතෙකුගේ නිවසක බලහත්කාරයෙන්ම රඳවා ගනිමින් ඇයගේ සේවය ලබා ගෙන ඇත.

මාධ්‍ය කල අනාවරණයත් සමඟ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් ඇයව මුදා

ගැනීමට කටයුතු කල අතර නීතිමය කටයුතු අවසන්ව වසරකට අධික කාලයක් සෞදියේ සුරක්ෂා නිවසක රැඳී සිටි ඇය පසුගිය 06 වෙනිදා මෙරටට පැමිණ තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435