විදේශයේ වසර 15ක් සේවය කළ ලාංකික කත හිස් අතින් දිවයිනට

ලෙබනන් රාජ්‍යයේ ගෘහ සේවිකාවක් ලෙසට විදේශගත වූ ලාංකික කාන්තාවක් එරටදී දරුණු හිරිහැර රැසකට මුහුණදුන් සිදුවීමක් පසුගිය දා මාධ්‍ය ඔස්සේ අනාවරණය කරන ලදී.

හසලක ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන ඉනෝකා උදයංගනී වන ඇය පවුලේ අඟහිඟකම් වලට විසදුම් සොයා ලෙබනන් රාජ්‍යයේ රැකියාවට ගොස් ඇති අතර එහිදී වසර 15ක් පුරා අනේකවිද දුක් ගහැට රැසකට මුහුණදීමට ඇයට සිදුවී තිබේ.

විදේශගතව සේවය කරන කාලය තුළ අමානුෂික අන්දමින් වද හිංසනයට ලක්වී ඇති මෙම ලාංකික කාන්තාව පිළිබඳව මාධ්‍ය අනාවරණය කිරීමත් සමඟ බලධාරීන්ගේද අවධානය යොමුවිය.

අනතුරුව අදාළ කාන්තාවගේ පවුලේ පිරිස් විදේශ රැකියා අමාත්‍යාංශයට කැඳවා තිබෙන අතර එහිදී ඉනෝකාව කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවට බලධාරීන් පොරොන්දු වී තිබේ.

කෙසේ වෙතත් වසර 15ක අමිහිරි අත්දැකීම්වලින් මිදී උපයාගත් කිසිදු වත්කමක් නොමැතිව පසුගිය 13 වෙනි දින ඇය යළි දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435