වසර 20ක පසු ඕස්ට්‍රේලියාට මහ වැසි- ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස අනතුරු හැඟවීමක්!

වසර 20ක පසු ඕස්ට්‍රේලියාට ලැබුණු වැඩිම වර්ෂාපත්නය ඊයේ (07) දිනයේ වාර්තා වෙන බව එරට පුවත් සේවා වාර්තා කරයි.

පසුගිය කාලවකවානුව තුළ ලැව් ගිනි නිසා විශාල වශයෙන් හානි වූ හා ලැව් ගිනි විශාල වශයෙන් පැතිර ගිය එරට නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ මෙම මහ වැසි සමඟ ගිනි අනතුරුදායක තත්ත්වයන් පහව යන බවයි වාර්තා වෙන්නේ.

ගිනි අනතුරු තත්ත්වයන් පහව ගියත් වර්ෂාවත් සමඟ හදිසි ගං වතුර හා නාය යාම් සිදුවීමට ඉඩ ප්‍රස්ථාව වැඩි බැවින් කාලගුණ බලරීන් එරට වෙසෙන සියළුම දෙනාට ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස අනතුරු හැඟවීම්ද නිකුත්කොට ඇත.

ගිනි අනතුරු නිසා පසුගිය කාලයේ වැඩි වශයෙන් පීඩාවට පත්ව සිටි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වැසියන් අධික වර්ෂාවත් සමඟ ඇතිවූ ගංවතුර තත්ත්වයේ වුවද මහ වැසි ගැන ප්‍රීතියෙන් පසුවෙන බවයි එම ප්‍රදේශයේ ගිණි නිවීම් ඒකකයේ ප්‍රධානියා මාධ්‍ය වෙත අනාවරණය කර තිබුණේ.

කෙසේ වෙතත් මේ සමඟම ඉදිරි කාලය ඕස්ට්‍රේලියාව ගිනි අනතුරු තත්ත්වයන් පහව යන කාලයක් උදාවෙනු ඇතයි බොහෝ දෙනාගේ මතයයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435