
ලංකා වතු සේවක සංගමයට අයත් මස්කෙළිය වතු සමාගමට අයත් වතු 10ක සේවකයෝ වර්ජනයක නිරත වෙමින් උද්ඝෝෂණයක නිරත විය.
මෙම වර්ජනයට මූලික හේකුව වූයේ පසුගියදා අත්සන් කළ සාමූහික ගිවිසුමට අනුව 25% ක වැටුප් වැඩිකිරීමකට එකඟතාව මත එමවැඩී වූ වැටුප මේ මාසයේ වැටුපට එකතු කර නොකොට එය දීමනාවක් ලෙස ලබාදීමට විරෝධය දැක්වීමටය.
මෙම උද්ඝෝෂණය සඳහා ලංකා වතු සේවක සංගමයේ උප කර්තෘ හා උප සභාපති එස්. චන්ද්රමහතන්, හැටන් ශාඛාවේ සභාපති, එස් මනෝහරන්, මස්කෙළිය ශාඛාවේ සභාපති ජෙගීස්වරන් හා හැටන් ශාඛාවේ රාජේන්ද්‍රන් යන මහත්වරුන් මෙම වර්ජනයට නායකත්වය දෙන ලදී.
මෙහිදි වතු සේවක සංගමය සඳහන් කළේ සාමූහික ගිවිසුමට අනුව කටයුතු නොකළහොත් ඉදිරියේදී අඛන්ඩ වර්ජනයකට ගමන් කරන බවයි.
වැඩබිම