වැටුප් කොමිසමේ නිර්දේශ ප්‍රමාද කිරීමට විරෝධය

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය වෘත්තිය සමිති එකමුතුව මගින් වැටුප් විෂමතාවය වෙනුවෙන්   ක්‍රියාත්මක කරනු ලබන වෘත්තිය ක්‍රියාමාර්ගය සම්බන්ධව කැබිනට් මණ්ඩලයේ තීරණයට අනුව  රනුක්ගේ වැටුප් කොමිසම මගින් සංශෝධිත යෝජනා ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබියදීත්  එය ඉදිරිපත් නොකිරීම වෘත්තීය සමිති එකමුතුවේ දැඩි පිළිකුල හා අප්‍රසාදය පළ කරති.

කල්මරමින් කටයුතු කිරීම   සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව  අප්‍රසාදය පළ කර සිටයි.“ මසකට ආසන්න කාලයක් තුළ කරගෙන යනු ලබන වෘත්තීය අරගලයේදී කැබිනට් අනු අනුමැතිය ලබාදී තිබියදීත්, එම සංශෝධනය කළ යෝජනා ලිඛිතව ලබා දීම මෙතෙක් සිදු නො නොකිරීම සම්බන්ධයෙන්  සිය අප්‍රසාදය පළ කරනු ලබන බව  ” ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල වෘත්තිය සමිති එකමුතුවේ විශ්වවිද්‍යාල  විධායක ශ්‍රේණි නිලධාරීන්ගේ කමිටුවේ සභාපති ප්‍රදීප් රත්නායක මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන්ව  අදහස් දක්වමින්  “සියලුම විශ්ව විද්‍යාල මේ වන විට අකර්මණ්‍ය වී පවතින මොහොතක එම විද්‍යාල යථා තත්ත්වයට ගෙන ඒමට, වැටුප් සම්බන්ධව ඉකුත් 1 වැනි අඟහරුවාදා පැවති කැබිනට් මණ්ඩලයේ  තීරණයන්ට අනුව මස්ක කාලයක් එම වාර්තාව ලබා දීමට නියම කර තිබුණා.  විශ්වවිද්‍යාලය එකමුතුව මගින් දින හයකදී එම වාර්තාව ලබා දීමට ලිඛිතව ඉල්ලූම් කරන ලද අතර ඒ අනුව   අමාත්‍යංශය මගින් එම ඉල්ලීම් පිළිබඳව ඉක්මනින් කටයුතු කරන ලෙසට දැනුම් දී තිබියදීත් මෙතෙක් ඒ   සම්බන්ධව කිසිදු පියවරක් නොගැනීම සම්බන්ධව අපගේ අප්‍රසාදය වැටුප් සංඛ්‍යාලේඛන හා කොමිසම් වෙත පළ කර සිටිනවා.

රනුගේ වැටුප් කොමිෂන් සභා වාර්තාවට අනුව අමාත්‍යාංශය මගින් ඉතා  හදිසි බව දන්වමින්  මේ සඳහා ක්‍රියාත්මක ව සංශෝධිත යෝජනාවලිය ලබාදෙන ලෙස දන්වා සිටියද මෙතෙක් ඒ   පිළිබඳව කටයුතු නොකර තිබීම   ඒකාබද්ධ එකමුතුවේ දැඩි පිළිකුලට ලක්ව තිබෙන බව ”සඳහන් කරයි .මෙහිදී  වෘත්තීය සමිති   එකමුතුව මගින්  7 වැනි දින හෝ  ඊට පෙර   තමන්ගේ ඉල්ලීම් වලට අනුමැතිය ලිඛිතව ලබාදෙන ලෙස සහ එසේ නොවන්නේ නම් තවදුරටත් ක්‍රියාමාර්ග වල නිරත වන බව ” හේ කියා සිටියේය.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් ලබාදුන් එකඟතාවය මත් ඊට සහයෝගය දැක්වීමක් ලෙස  ඉකුත් දා  කොළඹ දී සිදුකිරීමට නියමිතව තිබූ දැවැන්ත උද්ඝෝෂණ ක්‍රියා මාර්ගයෙන් ඔවුන් ඉවත් ව සිටිය බව පැවසූ අතර එසේ වුවද මෙතෙක් කිසිදු තමන් සඳහා ධනාත්මක සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම නිසා තවදුරටත් සිය වෘත්තිය අරගලය ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබන බවත් ඒ පිළිබඳව නැවතත් වෘත්තිය සමිති එකමුතුවේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් ප්‍රදීප් රත්නායක මහතා කියා සිටියේය.

රනුක්ගේ මහතා සභාපතිත්වය දරණ වැටුප් හා සංඛ්‍යා ලේඛන කොමිෂන් සභාව   අමාත්‍ය මණ්ඩල  තීරණයක් ගෙන තිබියදී අදාළ යෝජනාවලිය මේ වනතුරු ලබා නොදීම  සම්බන්ධව  හා ප්‍රමාද කිරීමේ කරමින් කල්මැරීම සම්බන්ධව ඔවුන්ගේ දැඩි පිළිකුල හා අප්‍රසාදය පළ කරන බවත්, තව දුරටත්   කියා සිටින්නේ රටේ අධ්‍යාපන ක්‍රියාවලිය සඳහා  මැදිහත්වීමක් ඔවුන්ට උවමනාවක් නැති බව ‍ප්‍රත්‍යක්ෂ කරමින් අධ්‍යාපනය යනු රටේ අනාගතය බවත්, එම අනාගත  ක්‍රියාදාමය එක රැයකින් රටට දැනෙන්නේ   නැති වුවත් එය ජාතියේ මහත් අභාග්‍ය සම්පන්න ඉරණමකට  මඟ සලසන බව දැන දැනත් මොවුන් මේ සඳහා මැදිහත් නොවන්නේ මන්දැයි ප්‍රශ්න කරති. කෙසේ වෙතත් මේ වන විට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලුම විශ්ව විද්‍යාල කටයුතු අකර්මණ්‍ය වී පවතින අතර මීට කඩිනමින් මැදිහත් නොවන්නේ නම් එය ජාතිය අභාග්‍ය සම්පන්න තත්වයට ඇද දැමීමට සියල්ලන්ම දායක වෙමින් සිටින බව ” ද  පෙන්වා දෙති.

එම වැටුප් හා සංඛ්‍යා සංඛ්‍යාලේඛන කොමිසම කල්මරමින් පැය දෙකක් වැනි කාලයක  දී විසඳුමක් ගත හැකිව තිබිය දී මෙසේ කටයුතු කරනු ලබන බවත්, මෙලෙස කල්මරමින් අ‍ධ්‍යාපනික ක්‍රියාවලිය අකර්මණ්‍ය කිරීම පිළිබඳව   මහත්  කනස්සල්ලටට පත්ව සිටින බවත් ප්‍රකාශ කළේය. ඉකුත් අඟහරුවාදා කැබිනට් තීරණය ගනු ලැබූ බවත් සතියක් වනතුරුත් ඒ සඳහා කිසිම ප්‍රතිචාරයක් ගෙන  නොතිබීමත් ඔවුන් මේ කල්මරන්න ජාතියේ අනාගතයක් සමග බව සඳහන් කරන විශ්විද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව  සමිති   අපේකෂා කරනුයේ ඇමති මණ්ඩලය දැනුම් දුන් පරිදි සංශෝධිත යෝජනාවලිය කඩිනමින් ලබාදී  මෙම විශ්වවිද්‍යාලය සේවක වැටුප් ගැටළුවට මැදිහත් වී විශ්වවිද්‍යාල යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන ලෙස  බව කියා සිටියේය.

මූලාශ්‍රය – ලංකාදීප

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435