වැටුප් ගිව්සුමට අත්සන් නොකලොත් ඉතිහාසයේ නොකල දරුණුම වර්ජනයට වතු කම්කරුවන් සූදානම්

එළැඹෙන 10 දිනට පෙර නව වැටුප් ගිවිසුමට අස්සන් නොකරන්නේ නම් මෙතෙක් ඉතිහාසයේ සිදු කළ දරුණුම වැඩ වර්ජනය හා උද්ඝෝෂණය සිදු කිරීමට වතු කම්කරුවන් සූදානම් බව සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් ඒ. ප්‍රේමරත්න මහතා පවසයි.

එම වැටුප් සාමූහික ගිවිසුම අහෝසි වී ඉකුත් 2 වැනිදාට දින 16ක් වන බවත් නමුත් කිසිදු වගකිව යුතු නිලධාරියකු ඒ සම්බන්ධව කිසිදු පියවරක් ගැනීමට ඉදිරිපත් නොවූ බවත් හෙතෙම සඳහන් කරයි. ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම්වරයා සේම උඩරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය තොණ්ඩමාන් මහතාට රුපියල් දහසක වැටුප වැඩි කිරීමට හැකි ප්‍රධානම පුද්ගලයා බව ඔහු කීය.

ඒ වතු සාමූහික ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන පාර්ශ්වකරුවා ඔහු වන නිසා බවත්, රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා මේ පිළිබඳ ගැටලුවට මැදිහත් වුවද වතු සාමූහික ගිවිසුම අනුව වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කිරීමට ඔහුට බලයක් නොමැති බවද ප්‍රේමරත්න මහතා සඳහන් කරයි. සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ඉල්ලීම වී ඇත්තේ වතුකම්කරුවකුට රාජ්‍ය සේවක කම්කරු දෛනික වැටුප ලෙස සැලකෙන රුපියල් 1,281ක මුදලක් ලබා දිය යුතු යන්නයි. පසුගිය රජය යටතේ තේ කර්මාන්තශාලා 281ක් වැසී ගිය බවටත් තේ දලු නිෂ්පාදනය 50%කින් අඩු වූ බවත් රාජ්‍ය සංඛ්‍යා ලේඛනවලින් පෙන්නුම් කළ නිසා මෙතෙක් නිහඬව සිටිය බවත් හෙතෙම පවසයි.

මූලාශ්‍රය – මව්බිම

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435