වැටුප් වර්ධක ගැන රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවේදනයක්

රාජ්‍ය භාෂා ප්‍රවීණතාව සම්පුර්ණ කිරීම සඳහා ලිඛිත හා වාචික පරීක්ෂණ වෙනුවට නිශ්චිත පැය ගණනක පාඨමාලා සම්පුර්ණ කර එම අවශ්‍යතාව සපුරා ගැනීමට හැකිවන පරිදි නව විධිවිධාන සකසා ඊට අදාළ ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණ තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා මේ බව සඳහන් කර ඇත.

රාජ්‍ය භාෂා ප්‍රවීණතාව සම්පූර්ණකර ගැනීම සඳහා දැනට පවතින ක්‍රමවේදය වෙනස් කළ යුතු බවට විවිධ පාර්ශව වෙතින් ඉදිරිපත් වු නියෝජනයන් සැලකිල්ලට ගනිමින් මෙම නව විධිවිධාන සකසා තිබේ.

ඊට අදාළ යෝජනා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බවද රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පැවසීය.

එහෙයින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු පසු තමන්ගේ වැටුප් වර්ධක නතර වු රාජ්‍ය සේවකයින්ට එම වැටුප් වර්ධක ලබා ගැනීමට තිබූ බාධාව එයින් ඉවත්වන බවද ලේකම්වරයා පැවසීය.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435