වැටුප් වැඩි නොකළොත් කොළඹ වටලනවා -ලංකා වතු සේවක සංගමයේ චතුර සමරසිංහ

මතුගම වතු කම්කරුවෝ පාරට වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් කරනා ලෙස වතු හිමිකරුවන්ට හා රජයට බලකරන උද්ඝෝෂණයක් මතුගම නගරයේ දී ලංකා වැවිලි හා වෙළද සේවා සංගමයේ සංවිධානයෙන් මතුගම නගරයේ දී පැවැත්විණි.

මතුගම නගරයේ සංචාරය කළ වතු කම්කරු උද්ඝෝෂකයන් මතුගම නගර මධ්‍යෙය් රැස්වීමක් පවත්වා එහිදී උද්ඝෝෂණයට සහයෝගය පලකරමින් ලංකා වතු සේවා සංගමයේ සභාපති චතුර සමරසිංහ මහතා ප්‍රකාශ කළේ වතුර කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් කිරීම ඉතාමත්ම සාධාරණවු යුක්තිසහගත ඉල්ලීමක් බැවින් ලංකා වතු සේවා සංගමය සහාය පලකරනා බවද වතු හාම්පුතුන් හා රජය වතු කම්කරුවන්ගේ ඉල්ලීම ලබා නොදුනහොත් ලංකාවේ වතුකම්කරුවන් කොළඹට ගෙන්වා වතු කම්කරුවන්ගේ ඉල්ලීම් ජයග්‍රහණය කරලීමට කටයුතු කරන බවත් චතුර සමරසිංහ මහතා පැවසීය.

මෙම උද්ඝෝෂණයට ලංකා වැවිලි හා වෙළද සේවා සංගමයේ ලේකම් සිරිල් නාවෙල, ලංකා වතු සේවා සංගමයේ පස්දුන් රයිගම් ශාඛා සභාපති පාලිත වන්නිආරච්චි ,ලේකම් ගයාන් රංගන යන මහත්වරු ද එක්වුහ.

මූලාශ්‍රය – දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435