වැටුම් වැඩිවීම් දීමනාවීම හොඳ නෑ

වත්මන් රජය ඉදිරිපත් කළ අතුරු අයවැය හරහා රාජ්‍ය සේවකයින් සඳහා යෝජනා කෙරුණු වැටුප් වැඩිවීම දීමනාවක් ලෙස ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලයික අංශයේ වෘත්තිය සමිති එකමුතුව විරෝධය පළකරයි.

දීමනා වැඩිකිරිම තුළින් රාජ්‍ය සේවකයාට ණය, අතිකාල දීමනා, විශ්‍රාම වැටුප් ආදියේ සහන රැසක් අහිමිවන බව එහි කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පෙන්වාදෙයි.

2006 වසරේ සිට මේ දක්වා රාජ්‍ය සේවකයිනගේ මුලික වැටුප් වැඩිකර නොමැති බවද ඔහු සඳහන් කළේය.

වත්මන් රජයෙන් වැටුප් වැඩිවීමක් අපේක්ෂා කළද එය දීමනාවක් ලෙස ලබාදීම පිළිබඳ විරෝධය පළ කරන බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලයික අංශයේ වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435