වැඩකරන පන්තිය සහ මානව හිමිකම් උභතෝකෝටිය

(දෙසැම්බර් 10 දිනට යෙදෙන මානව හිමිකම් දිනය වෙනුවෙන්)

තවත් ජාත්‍යන්තර මානව හිමිකම් දිනයක් පැමිණ තිඛෙනවා. ඒත් වෙන අවුරුදුවල දැකිය හැකි කුඩා සංවාදය හෝ මෙවර මානව හිමිකම් සම්බන්ධයෙන් දකින්නට නැහැ. ඒ වෙනුවට කුමක් දෝ, ඒත් අපේක්ෂිත නිද්‍රාශීලීභාවයකින් සමස්තයම වැසී තිඛෙන බවක් දැකගත හැකියි.

“මානව හිමිකම් කන්නද කියලා කියන දේශපාලන න්‍යාය පත්‍රයක් බලයට පත් කළාම තවත් මොනවට මානව හිමිකම් ගැන කතා කරන්නද ?“ මේ ගැන කළ පුංචි සංවාදයකදී සිවිල් සංවිධාන සමග ඍජු සම්බන්ධතා පවත්වන විධායක නිලධාරියෙක් කිව්වා.

ඒ කොහොම වුණත් තවත් කිහිප දෙනකුම ප්‍රකාශ කළේ ලංකාවේ ජනමතය තුළ ප්‍රමුඛ භූමිකාවක් ඉටුකරන විධායක සහ රාජ්‍ය අංශයේ සේවකයින්ට මානව හිමිකම් වැදගත් නොවුණත් “වැඩකරන ජනතාවට“ මානව හිමිකම් ගැන අවධියෙන් සිටීම අත්‍යවශ්‍ය බවයි.

“රාජ්‍ය සේවයින් කියන්නේ ඇත්තටම වැඩකරන පන්තියේ ජනතාවක් නොවෙයි. ඔවුන් වෙනත් ශ්‍රමික කුලයක දාලා කතා කරන්න ඕනෑ. ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් රජය විසින් ම සහතික කරලා තහවුරු කරලා තිඛෙනවා. ඒ හා සම්බන්ධ නෛතික රාමුවක් තිඛෙනවා. ඒත් පෞද්ගලික අංශයේ, ස්වයං රැකියා සහ අවිධිමත් (කුලී ශ්‍රමිකයින්) ගොවීන් (ගොවි කම්කරුවන් ලෙස නිවැරදි විය යුතුව තිඛෙනවා) ආදීන්ට එහෙම නැහැ. ඔවුන් තමන්ගේ අයිතිවාසිකම් දිනා ගත්තේ, ඒවා රැක ගන්නේ වෘත්තීය අරගල මගින්. ඉතිං ඒ සඳහා නිදහස් ආර්ථීක හා සමාජයීය අවකාශයක් නැති ක්‍රමයක් තුළ පොදු නාමකරණය තුළ “වැඩකරන ජනතාව “තමන්ගේ මානව අයිතිවාසිකම් ගැන අවධියෙන් සිටිය යුතුයි.“

මේ අවධාරණය කළේ ආචාර්ය සේපාල ගුණසේකර මහතා. ඔහු මේ වන විට මානව හිමිකම් සහ වෘත්තීය අයිතිවාසිකම් සම්බන්ධ ස්වාධීන විශේෂඥයෙක් ලෙස කටයුතු කරනවා.

“අපියි අවුල ඇතිකර ගෙන තිඛෙන්නේ. අපේ රටේ ජනතාව, විශේෂයෙන් ගොවීන්, කම්කරුවන්, සේවා සපයන්නන් (ත්‍රිරෝද රථ රියැදුරාගේ සිට) ඇතුළු සියලූ වෘත්තීන් තමන්ගේ විමුක්තිය ලබා ගන්න බලන්නේ ඡන්ද බලය මගින් පත්කර ධනපති ආණ්ඩු හරහා. ඔවුන් තාම නිවැරදිව වටහා ගෙන නැහැ. මේ කිසිදු පාලක පන්තියක් තමන්ව නියෝජනය නොකරන බව. තමන්ගේ පන්තිය අවශ්‍යතා නියෝජනය නොකරන බව. ඒ නිසා අද ලංකාවේ දේශපාලන කියවීම අපට පහසුවෙන් වටහා ගන්න පුළුවන්. වැඩකරන පංතියේ විප්ලවයක් මගින් පළවා හැරිය යුතු මේ ධනපති පන්තිය අපි ඡන්දයකින් යළි යළි බලයට පත්කරනවා“ ආචාර්ය සේපාල ගුණසේකර වත්මන් තත්ත්වය විග්‍රහ කරමින් කිව්වා.

මෙහිදී ඔහු පැහැදිලිව පෙන්වා දුන්නේ ලංකාවේ පමණක් නොව සමස්ත ලෝකය පුරා මේ වන විට “වැඩකරන පන්තිය“ පිළිබඳ සීමා මායිම් බොඳ වෙමින් අලූත් තත්ත්වයක් නිර්මාණය වන බවයි.

“ඇත්තටම මේක සංකීර්ණ තත්ත්වයක්. අපි කොහොමද අද සමාජය තුළ පන්තිමය ඛෙදීමක් අදින්නේ ? නිදහස් වෙළෙඳ කලාපවල සේවය කරන කාන්තා ශ්‍රමිකයින්, වතු ආර්ථීකය හා බැඳුණු කාන්තා ශ්‍රමිකයින් වගේම සේවා ආර්ථීකය තුළ සිටින (රෙදි සාප්පුවල සේවිකාවන්, සුපර් මාකට් සේවිකාවන් ආදි වශයෙන්) අපිට පැහැදිලිව වැඩකරන පන්තියට ඇතුළත් කළ හැකියි. මොකද ඔවුන් ප්‍රාග්ධනය සමග හෝ ව්‍යවසායකත්වය සමග ඍජු සම්බන්ධයක් නැහැ. ඔවුන් “ලාභයක්“ ලබා ගන්නේ නැහැ. ඉතාම පැහැදිලිව ඔවුන් ලබා ගන්නේ තමන්ගේ “ශ්‍රමයට“ හිමි වැටුප පමණයි. මාක්ස්වාදී විග්‍රහය අනුව ඔවුන් ඉතාම පැහැදිලිව “කම්කරු පන්තිය“ හෝ වඩාත් තාර්කික වචනය වන “වැඩකරන පන්තිය“ ලෙස හඳුනා ගත හැකියි. ඒත් ප්‍රශ්නය තියෙන්නේ අද ගොවියෙක්, සුළු අපනයන බෝග වගාකරුවෙක්, වීදී වෙළෙන්දාගේ සිට තමන්ගේම ත්‍රිරෝද රථයක් පදවන තරුණයා දක්වා වන පුළුල් රැකියා කාණ්ඩ කොහොමද අර්ථකතනය කර ගන්නේ.

උදාහරණයක් විදිහට ගොවියා අද “ලාභය“ ගැන කතා කරන ව්‍යවසායකයෙක් බවට පත්වෙලා තිඛෙනවා. ඔහු තව දුරටත් තම ශ්‍රමය වගා බිමට යොදවන පුද්ගලයෙක් නොවෙයි. ඔහු ශ්‍රමය මිලදී ගන්නෙක්, සම්පත් සම්බන්ධීකරණය කරන්නෙක් බවට පත්ව තිඛෙනවා. අද ගොවියෙක් යටතේ සැලකිය යුතු පිරිසක් “සේවකයින්“ ලෙස ක්‍රියාකරනවා. එතැන වගාවට තෙල් ගහන පුද්ගලාගේ සිට අස්වැන්න කපන කාන්තාව දක්වා සිටිනවා. ඒ අනුව ගොවියත් අනෙකාගේ ශ්‍රමයේ අතිරිත්තය සොරා ගන්නෙක් බවට පත්ව සිටිනවා. මේක අද ලංකාව ප්‍රමුඛ ගෝලීය ආර්ථීකයේ ප්‍රමුඛ අංශයක් වන සුුළු ව්‍යවසායකයෝ (සිල්ලකර කඩවල සිට කොත්තු කඩ දක්වා) සිදුවන තත්ත්වයක්. වඩාත්ම ඍජු සහ අයථා ලෙස ශ්‍රමය සූරාකන්නන් බවට අද පවත්ව සිටින්නේ “ධනපති පන්තියට වඩා මධ්‍යම පන්තිය හෝ මේ කතා කරන “ව්‍යවසායක“ පන්තියයි. ඒ නිසා අද වැඩකරන ජනතාවට මානව හිමිකම් ගැන කතා කරනවාට අමතරව තමන් මත ආධිපත්‍ය පතුරවා ගෙන සිටින මේ “අදෘශ්‍ය පන්තිය“ ගැන අවධානය යොමු කරන්න වෙනවා“

 

ආචාර්ය සේපාල ගුණසේකර කියනවා.

මෙහිදී ආචාර්ය සේපාල පෙන්වා දෙන්නේ පසුගිය නොවැම්බර් 16 වැනිදා ලංකාව තුළ සිදු වූ “ප්‍රතිගාමී දේශපාලන පරිවර්තනයේ“ ගාමක බලවේගය වගේම මතවාදී ආධිපත්‍ය දැරූ පිරිස බවට පත් වුණේ මේ “ව්‍යවසාය“ පන්තිය බවයි.

“රජයේ සේවකයෙක් වේවා, වෙනත් ඕනෑම සේවයෙක්ට අතිරිත්ත ධනයක් නැහැ. ඔහුට හෝ ඇයට තිඛෙන්නේ තමන්ගේ ශ්‍රමයට ලැබුණු “සූරා කෑ“ වැටුපත් විතරයි. ඔවුන්ට අද සමාජයීය වශයෙන් කළ හැකි බලපෑම අවම වෙලා තිඛෙනවා. උදාහරණයක් ලෙස ඔවුන්ට සමාජයීය වශයෙන් “වර්ණවත් චරිත“ වෙන්න බැහැ. ඒකට හොඳම උදාහරණය තමයි ගමේ පන්සල. ගමේ පන්සල තුළ අඛණ්ඩව හා විවිධාකරයෙන් සිදුවන සංවර්ධන හා සංදර්ශන සඳහා අවශ්‍ය කරන මුදල් වැය කිරීමට මේ කණ්ඩායමට බැහැ. ඒත් සියල්ලර කඩ මුදලාලිගේ සිට තවත් පුළුල් තලයක ක්‍රියාත්මක වන “ව්‍යවසායක“ පන්තියක් අද පන්සල තුළ මතවාදී ආධිපත්‍ය දරනවා. මොකද ඔවුන් ගාව විවිධාකාරයෙන් උපයා ගත් අතිරිත්ත ධනයක් තිඛෙනවා. එය අද සමාජය තුළ වඩාත් ප්‍රමුඛ පිරිසක් බවට පත්ව ඇති “ස්වයං බැංකුකරුවා (ඩේලි කලෙක්ෂන් දෙන්නා) ගේ සිට ත්‍රිරෝද රථ රියැදුරා දක්වා දැකිය හැකි තත්ත්වයකි) ගේ සිට විදේශගතව රැකියා කරන, එහෙත් ලංකාවේ දී ඒ බව ප්‍රකට නොකරන ශ්‍රමිකයාගේ සිට දැකිය හැකි තත්ත්වයක්. ඔවුන් අසීමිත ලෙස මේ පන්සල් ආදියට යොමු කරන ධනය හරහා අද ග්‍රාමීය හා අර්ධ නාගරික වශයෙන් “අදෘශ්‍යමාන බල ව්‍යුහයක්“ නිර්මාණය වෙලා තිඛෙනවා. ඔවුන්ට මානව හිමිකම් වාගේ දේවල් අදාළ නැහැ. ඔවුන් තමයි පසුගිය නොවැම්බර් 16 වැනිදා ප්‍රතිගාමී දේශපාලන පරිවර්තනයේ ගාමකයෝ බවට පත් වුණේ. සුළු ධනේෂ්වරයේ ප්‍රකාශනය වන පන්සල සමග කල්ලි ගැහුණේ මේ පන්තියයි“

ආචාර්ය සේපාල ගුණසේකර කියනවා.

මානව හිමිකම් උභතෝකෝටිකය

මානව හිමිකම් ගැන කතා කළ බොහෝ දෙනෙක්ගේ අවධාරණය වුණේ 1994, 2001, 2005 සහ 2015 දී මානව හිමිකම් හා බැඳුණ වටිනාකම් දේශපාලන කරළියේ ප්‍රමුඛ වුවත් පසුගිය ජනාධිපතිවරණයේදී එය කිසිදු ආකාරයකින් තමන්ට හිමි ස්ථානය අත්පත් කර නොගත් බවයි.

“මානව හිමිකම් ප්‍රමුඛ වුණ (සුළුජන අයිතිවාසිකම් ද ඇතුළත්ව) 2015 ජනවාරි දේශපාලන වෙනස සමග අසීමිතව වර්ධනය වූ “ඊනියා වෘත්තීය අරගල“ තුළ පැහැදිලිව ප්‍රකාශ වුණේ ප්‍රතිගාමී දේශපාලන අවශ්‍යතා. ඒ කියන්නේ යළි රාජපක්ෂ පවුල බලයට ගෙන ඒමයි. එදා සිට වෛද්‍යවරුන්ගේ සිට පාසල් ගුරුවරයා දක්වාත් දුම්රිය සේවයේ සිට පරිපාලන නිලධාරියා දක්වාත් දියත් වුණ සෑම වැඩවර්ජනයක්ම බල ව්‍යාපෘතියක කොටස් මිස සැබෑ වෘත්තීය අරගල නොවෙයි. ඒ නිසා වත්මන් තත්ත්වය තුළ අපට වැඩවර්ජන රැල්ලක් දකින්නට නොලැඛෙනවා පමණක් නොවෙයි ඒ සියල්ල ඉක්මවා ගිය අන්ත ප්‍රතිගාමීත්වයක් ද හඳුනා ගත හැකි ෙවිවි. මොකද මේ ආණ්ඩුව දකුණේ සිංහල බෞද්ධයින්ගේ සුජාතභාවයක් ලැබූ ආණ්ඩුවක් නිසයි. ඒ නිසා අපේ නිරීක්ෂණය වන්නේ රාජ්‍යයේම කොටසක් වන රාජ්‍ය සේවකයින් ඉදිරි වසර කිහිපය තුළ “කසාය බීපු ගොළුවන්“ බවට පත්වනු ඇති බවයි. ඒත් තත්්ත්වය සංකීර්ණ වන්නේ නිදහස් වෙළෙඳ කලාප සහ වතුකරය තුළයි. මොකද මේ බල ව්‍යාපෘතිය තුළ කිසිදු ආකාරයක ඔවුන්ගේ නියෝජනයක් හෝ අභිලාෂයන් ඉටුවීමක් නැහැ“

මේ අදහස ඉදිරිපත් කළේ බියගම නිදහස් වෙළෙඳ කලාපයේ සේවක සුභසාධනය වෙනුවෙන් පසුගිය කාලය පුරාම අඛණ්ඩව අරගල කරන “ජානක විතානගේ“ මහතායි. ඔහු ඇතුළු කණ්ඩායමක් විසින් ස්වේච්ඡාවෙන් පවත්වා ගෙන යන වැඩපිළිවෙළක් ද වත්මන් තත්ත්වය තුළ අභියෝගයට ලක්ව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

“අපි කියන්නේ අපේ වැඩකරන ජනතාවට ඇත්තටම මානව හිමිකම් ගැන දැනුමක් හෝ සංවේදීතාවක් නැහැ. වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය මගින් ඔවුන්ට ඒ ගැන වැටහීමකුත් ලබාදී නැහැ. ඒ නිසා ඔවුන්ට අනුව මානව හිමිකම් කියන්නේ “එන්.ජී.ඕ“ ව්‍යාපෘති. මේ තත්ත්වය තුළ ඔවුන් තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ගැන පවා අබමල් රේණුවක තරම් දෙයක් දන්නේ නැහැ. ඒ ගැන සංවේදී නැහැ. නව මාධ්‍ය මගින් අද ඔවුන්ට නිද්‍රාශීලී බවට පත්කරලා තිඛෙනවා. මේ තත්ත්වය තුළ “ඩිජිටල් වීරයෝ“ මිසක් සැබෑ වෘත්තීය සමිති නායකයෝ අපිට ලැඛෙන එකක් නැහැ. අපි කියන්නේ මේ මොහොතේ මානව හිමිකම් කිසිදු වටිනාකමක් නැති හුදු වචනයක් පමණක් විය හැකියි. ඒත් ඒ අයිතිවාසිකම් හෙට ඔබට ඇති එකම රැකවරණය බවට පත්වන බව නම් හොඳටම පැහැදිලියි“ ජානක විතානගේ කියනවා.

“හොඳට මතක තියා ගන්න වහල් යුගයේ සිට මේ සයිබර් යුගය දක්වා සමාජයට ඉදිරියට ගමන් කළේ මානව හිමිකම් දිනා ගැනීමට සහ තහවුරු කර ගැනීමට කළ අරගලය තුළයි. අද ප්‍රංශයේ, චීනයේ, හොංකොංවල සිදුවන්නේ ඒ ගමන විවිධාකාර වේෂයන්ගෙන් කරළියට එන එකයි. ඒ නිසා පශ්චාත් මහින්ද – ගෝඨා පාලනයේ ආරම්භය තුළ මානව හිමිකම් අවලංගු කාසියක් වුණත් එහි මධ්‍ය භාගය වන කොට ඒක නැතිවම බැරි අවියක් බවට පත්වෙන එක සිකුරුයි“ ආචාර්ය සේපාල ගුණසේකර නැවත අවධාරණය කළා.

තුසිත විදානආරච්චි

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435