ආණ්ඩුව විශ්‍රාම වැටුප් වැඩිවීම නවතා දමයි

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයින්ට 2020 ජනවාරි 1 දින ගෙවීමට නියමිත තිබූ විශ්‍රාම වැටුප් වැඩිවීම චක්‍රෙල්ඛයක් මගින් අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.

මෙම වැටුප් වැඩිවීමට හිමිකම් කියනු ලැබුවේ රාජ්‍ය සේවයේ පහලම කණ්ඩායම වූ අතර එය ප්‍රතිශතයක් ලෙස  20% ක පමණ මුදලක් බැව් කියනු ලැබේ.

2016 චක්‍ර ලේඛනය අනුව විශ්‍රාමිකයින්ට වැටුප් වැඩිවුයේ පියවර 5 කින් වු අතර  එයින් වැඩිම මුදල හිමිවීමට නියමිතව තිබුණේ මේ මස (2020 ජනවාරි) විශ්‍රාම වැටුපත් සමගය.

රාජ්‍ය සේවකයින්ගේ අතිකාල දීමනා කපා හැරීම,  විධායක නිලධාරීන්ගේ දීමනාව කපා හැරීම, ආදියද නව රජය යටතේ සිදුවූ වැඩකරන ජනයාට තදින් බලපැවැත්වූ තීරණයන්ය.

මූලාශ්‍රය – අනිද්දා

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435