වැඩිවන විශ්‍රාම වැටුප ජුලි 10 දා සිට ක්‍රියාත්මකයි

විශ්‍රාම වැටුප් විෂමතාවය මෙම මාසයේ සිට ඉවත් කිරීමත් සමඟම වැඩිවන වැටුප් ජූලි 10 වැනි දා සිට ලබාදීමට නියමිත බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසයි.

ජූලි මාසය ඇතුළුව අගෝස්තු හා සැප්තැම්බර් මාසවලදී විශ්‍රාම වැටුප් විෂමතාවය 575,000 ක් පමණ ඉවත්වන බවද එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා පැවසීය.

අංක 1 / 2019 දරණ 2019.16.11 දිනැති විශ්‍රාම වැටුප් චක්‍රලේඛයට අනුව දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 331 කදී  වැටුප් විෂමතාවය ඉවත්කර ඉහළ යන වැටුප විශ්‍රාම වැටුපට එකතු කරන බවද, මෙම මාසයේ වැටුප් වැඩිවිම් නොලැබෙන අයවලුන්ට ජුලි මස සිට හිඟ මුදල් ලැබෙන බවද ඒ මහතා කීය.

මෙම මාසයේ 10 වැනිදා විශ්‍රාම වැටුප වැඩිවන්නේ විශ්‍රාමිකයින් 50,000 ක පමණ පිරිසකට බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මූලාශ්‍රය – ලංකාදීප

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435